Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වෙනිසියුලාවේ කැරබෝ ප්‍රාන්තයේ පොලිස් ස්ථානයක ගින්නකින් 5ක් ජීවිතක්ෂයට

|Thu,29 March 2018 13.14|Miscellaneous| Page Views :

වෙනිසියුලාවේ කැරබෝ ප්‍රාන්තයේ වැලන්සියා නගරයේ පොලිස් ස්ථානයක හටගත් ගින්නකින් එහි සිරමැදිරිවල සිටි පස් දෙනෙකු මියගොස් තිබෙනවා.

සිර මැදිරිවල රදවා සිටි තවත් බොහෝ පිරිසක් හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි නිල නොලත් වාර්තා සදහන් කරන්නේ. සිරකරුවන් පළායාම සදහා ඇදන් සහ මෙට්ටවලට ගිනි තැබීම හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබෙන්නේ.

ගින්න හට ගන්නා අවස්ථාවේ සිරකරුවන්ගේ ඥාතීන් පොලිස් ස්ථානය වටකරමින් පොලීසිය තුළට කඩා වැදීමට උත්සාහ කර තිබෙනවා. ඔවුන් පාලනය කිරීමට පොලීසිය කදුළු ගෑස් එල්ල කළ බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න