මලාලා යූසුෆායි උපන් ගමට
|Sun,01 April 2018 11.02|Miscellaneous| Page Views :
34
|
|
නොබෙල් සාම ත්‍යාග ලාභී මලාලා යූසුෆායි තලෙයිබාන් ප්‍රහාරයකට ලක්වීමෙන් පසු පළමු වරට පාකිස්තානයේ ඇයගේ උපන් ගමට අද පැමිණියා. ඇය තලෙයිබාන් ප්‍රහාරයට ලක් වුණේ 2012 වසරේදීයි.
කාන්තා අධ්‍යාපන අයිතිය වෙනුවෙන් හඬ නැගීම හේතුවෙන් ඇයට මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දීමට සිදුවුණා. මලාලා මේ වන විට සිය පවුලේ ඥාතීන් සමග බ්‍රිතාන්‍යයේ ජීවත් වනවා. පාකිස්තානයට පැමිණි ඇය විශේෂ හෙලිකොප්ටර් යානයකින් උපන් ගමට ළඟා වූ අතර ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් ද යොදා තිබුණා.
|
|