Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඖෂධ වර්ග රැසක මිල අඩු කෙරෙයි

|Sun,01 April 2018 11:42|Miscellaneous| Page Views : 17

අලුත් පුවත්
හැටන් කූම්වුඩ් වතුයායේ නිවාස පේලියක ගින්නක්
සුපිරි පිතිකරු වෝනර් සමු ගනී
මලාලා යූසුෆායි උපන් ගමට
රොෂේන් ගෙන් ද්විත්ව ශතකයක්
ඛණිජ තෙල් සංස්ථාවට දිනකට රුපියල් මිලියන 38ක පාඩුවක්
නව දේශීය ආදායම් බදු පනත අද සිට
හෙරොයින් මිලි ගෑම් 600 ක් සමඟ අයෙක් කොටු වෙයි
 
තවත් ඖෂධ වර්ග රැසක මිල අඩු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසනවා. එහිදී මිල අධික ඖෂධ සහ පිළිකා ඖෂධවල මිල අඩු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.

දකුණු ආසියානු රටවල බෝනොවන රෝග පාලනය කිරීමේ ප්‍රථම සමුලුවට සමගාමීව කොළඹ දී ඊයේ (31) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

".... අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කර තිබෙනවා. ඒ ආකාරයට තවත් ඖෂධ වර්ග රැසක මිල ඉදිරි මාසය තුල දී අඩු කිරීමට අපි සැළසුම් කර තිබෙනවා.

පිළිකා ඖෂධ වැනි මිල අධික ඖෂධ ඊට ඇතුලත්. හෘද රෝගීන් සදහා නොමිලේ ස්ටෙන්ස් ලබාදීම හේතුවෙන් අද වන විට පොරොත්තු ලේඛණය ඉහළ ගොස් තිබෙනවා. පසුගිය කාලයේ කොළඹ ජාතික රෝහලේ හෘද සැත්කම් මසකට සිදු කළේ 50ත් 60ත් අතර ප්‍රමාණයක්. නොමිලේ ස්ටෙන්ස් ලබාදීමත් සමග හෘද සැත්කම් 450 – 500ත් අතර සංඛ්‍යාවක් මාසයක් තුල දී සිදු කරනවා.

තව ද හෘද රෝගයක් ඇතිවීමට පෙර ලබාදෙන ටෙනෙක්ට්ටප්ලෙස් (Tenecteplase) නැමැති ඖෂධය හේතුවෙන් ජනතාවට විශාල සහනයක් ලැබී තිබෙනවා.

පසුගිය කාලයේ හෘද රෝගීන් 06 කගෙන් 05 දෙනෙකු පමණ විවිධ හේතු මත මිය ගියා. නමුත් යහපාලන රජය හෘද රෝගීන්ට සහන සැළසීම තුල අද වන විට රෝගීන් 06 කගෙන් 01 රෝගියෙකු පමණයි මිය යන්නේ. රෝහල්වල රුධිර පරීක්ෂණ නොමිලේ සිදු කිරීමේ වැඩපිළිවෙල තුලින් රුධිර පරික්ෂණ සියයට 61කින් වැඩි වී තිබෙනවා....

.. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ගෙන ඇති ක්‍රියාමාර්ග ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක බැංකුව, යුනිසෙෆ් සංවිධානය ඇගයීමට ලක් කර තිබෙනවා.

එම නිසා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය මෙවර ලෝක සෞඛ්‍ය දිනය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට තීරණය කළේ.

ශ්‍රී ලංකාවට වඩා උචිත රටක් තවත් නොමැත යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා.

අද ආරම්භ වු මෙම සමුලුවෙන් බෝනොවන රෝග පාලනය සදහා වැදගත් තීන්දු තීරණ රැසක් ගනු ලබනවා.

අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල අඩු කිරීම,වර්ණ සංකේත ක්‍රමය හදුන්වාදීමඇතුලු ක්‍රියාමාර්ග රැසක දී බහුජාතික සමාගම් සිය විරෝධය පළ කළා.

නමුත් ජනතා සුබසිද්ධිය වෙනුවෙන් එම විරෝධතාවලට බිය නොවී මම තීන්දු තීරණ ගත්තා.

ඒ ආකාරයට දකුණු ආසියාවේ ජනතාව බෝනොවන රෝග වලින් ආරක්ෂා කර ගත යුතුයි.

ඒ සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග දකුණු ආසියානු රටවලට වැදගත් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා”

මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න