Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ආහාර විෂ විමෙන් සිසුන් 46ක් රෝහලේ

|Thu,05 March 2018 14:59|Miscellaneous| Page Views : 60

අලුත් පුවත්
දෙමළ ජාතික සන්ධානය විසින් බලය පිහිටුවා ඇත
ඇමෙරිකාව සහ දකුණු කොරියාව අතර යුද අභ්‍යාසයක්
වසර 35 කට පසු සවුදි අරාබියේ පළමු වරට සිනමා ශාලාවක් විවෘත කෙරේ
අනුරාධා ප්‍රසිද්ධියේ නටපු නැටිල්ලේ වීඩියෝවක් ලීක් වෙයි
පැරණි සෙල් ලිපියක් අනුරපුරෙන්
අලුත් අවුරුදු නැකත් සීට්ටුව ජනපතිට
වලහෙක් පහර දී 4ක් රෝහලේ
ඉදිආප්ප පාර්සලේ හිටපු සතා නිසා කෑමත් එපාවෙලා
 
ආහාර විෂ වීමක් හේතුවෙන් සිසුන් 46 දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත්කර තිබෙනවා. වැල්ලවාය ප්‍රදේශයේ සිට අධ්‍යාපන චාරිකාවක් සඳහා පැමිණි සිසුන් පිරිසකුයි මෙලෙස රෝගාතුර වී තිබෙන්නේ.

වැල්ලවාය, වෙහෙරයාය ප්‍රදේශයේ පාසලක සිසුන් අනුරාධපුර ප්‍රදේශයේ අධ්‍යාපන චාරිකාව සඳහා පැමිණ ඇත්තේ ඊයේ දිනයේයි. අනුරාධපුර සාරානන්ද විශ්‍රාම ශාලාවේ නවාතැන්ගෙන සිටිය දී රාත්‍රී ආහාර ගැනීමෙන් පසු සිසුන් කිහිප දෙනෙකුට වමනය ඇතුලු රෝග ලක්ෂණ හටගෙන තිබෙනවා.

ඒ සමගම සිසුන් රෝහල් ගතකර ඇති අතර රාත්‍රී ආහාරය සඳහා ගත් ව්‍යංජනයක් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වන්නට ඇති බවයි සැක කෙරෙන්නේ. අද උදෑසන වන විට සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව වෛද්‍යවරුන් ප්‍රකාශ කළා.

අද දහවල් වන විට ප්‍රතිකාර ලබා ගැනීමෙන්පසු රෝහලෙන් පිටව යා හැකි බවද වෛද්‍යවරුන් කියා සිටියා. මේ සම්බන්ධයෙන් සොයාබලන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න