Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දේශපාලනයෙන් ඉවත්වීමට අදහස් කරයි

|Thu,05 March 2018 15.24|Political| Page Views :

පරිවර්තනය කලේ(පදිවු වෙබ් අඩවිය)

දේශපාලන වේදිකාවේ හුදෙකලා වී සිටින උතුරු පළාත් සභාවේ විපක්‍ෂ නායක එස්.තවරාසා, ස්ථීරවම දේශපාලනයෙන් විශ්‍රාම යෑම සම්බන්ධයෙන් සිතාබැලීමට පටන්ගෙන ඇත. දේශපාලනයට කෙටි විවේකයක් ලබාදී, ඕස්ට්‍රේලියාවට ගොස් සිටින බව ප්‍රකාශ කළ එස් තවරාසා, එය දේශපාලනයෙන් ස්ථීරවම විශ්‍රාම යෑම සඳහා වන පෙරහුරුවක් විය හැකි බව ප්‍රකාශ කර ඇත.

මෙල්බන්හි තම මුණුබුරන් සමඟ කාලය ගතකිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු, උතුරු පළාත් සභාවේ පාලන කාලය අවසන්වීමට නියමිත අවස්ථාවකදී, ස්ථීරවම විශ්‍රාම යෑම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත. ප්ලොට් සංවිධානයේ හිටපු ප්‍රධානියෙකු වන තවරාසා, පසුව ඊපීඩීපී සංවිධානයට එක්වී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර ඇත. පළාත් සභා මැතිවරණයේදී, වාසනාවේ දොරටුව විවර වී තිබූ අවස්ථාවකදී, ඩග්ලස් දේවානන්දන්ගේ පාර්ශවය සමඟ ඇතිවූ මතභේදකාරී තත්වය හේතුවෙන්, කොළඹ පිහිටි පක්‍ෂයේ ප්‍රධාන කාර්යාලයට අයත් ඉඩම අලෙවි කිරීමේදී, තම කොටස ලෙස විශාල මුදල් ප්‍රමාණයක් ලබාගෙන, ඔහු එම පක්‍ෂයෙන් ඉවත්වී ඇත.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්ට එරෙහිව ඉදිරිපත් කර තිබූ විශ්වාසභංග යෝජනාව පිළිබඳ කරුණේදී, තමිලරසු පක්‍ෂයේ නියෝජිතයින් සමඟ ඒකාබද්ධ වී කටයුතු කිරීම තුලින්, එම පක්‍ෂයේ තමන් සඳහා වන ස්ථානය ලබාගැනීමට ඔහු උත්සාහ කර තිබුණි.

නමුත්, පක්‍ෂයේ අභ්‍යන්තර ගැටළු හේතුවෙන්, ඔහුට රැකවරණය ලබාදෙමින් සිටි උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥානම් විමතියට පත්ව සිටින අවස්ථාවකදී, එයද සාර්ථක නොවන බව සිතා ඉවත්වී සිටීමට, මේ වනවිට එස්.තවරාසා කැමැත්තක් දක්වමින් සිටියි. මත්ද්‍රව්‍යවලට අබ්බැහි වූ තම පුතාගේ ගැටළු ඇතුළු පවුල තුල අඛණ්ඩව ඇතිවන ගැටළු හේතුවෙන්, දේශපාලනයෙන් ඉවත් වී තම පවුල පිළිබඳව සොයාබැලීමට ඔහු උත්සාහ කරමින් සිටින බව දැනගැනීමට ලැබී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න