Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සෑම නිවසකටම සුළං පෙත්තක්

|Fri,06 April 2018 12.05|Miscellaneous| Page Views :

විදුලි බලය මෙරටට ලැබීමෙන් අනතුරුව පසුගිය ගෙවී ගිය සතියේදී ජනතාව වැඩිම විදුලි ඉල්ලුමක් භාවිතා කළ සතිය බවට පත්ව ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඉකුත් 23 වැනිදා රාත්‍රියේ මෙගාවොට් 2611ක් මෙරට ජනතාව විදුලිය ඉල්ලා සිටි බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ඒ ආලෝකය සඳහා පමණක් නොව පරිසරයේ පවතින උෂ්ණත්වය හේතුවෙන් සිසිලස ලබා ගැනීම සඳහා බවයි සඳහන් කළේ.

මේ හේතුවෙන් පුණර්ජනනීය බලශක්තිය වැඩි කිරීම කෙරෙහි හැකිතාක් උත්සහ ගනිමින් සිටින බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

සුළං බල මෙහෙයුම අද (06) හම්බන්තොටින් ආරම්භ කරන බවද අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (05) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

එහිදී "සූර්ය බල සංග්‍රාමය හරහා මේ වන විට මෙගාවොට් 150ක ට ආසන්න ප්‍රමාණයක් වහලවල් මත සවිකර ඇති සූර්යය පැනල හරහා අපි නිෂ්පාදනය කරනවා. දැන් සුළං බල මෙහෙයුම හම්බන්තොටින් පටන් ගන්නවා.

ජනතාවටත් පුළුවන් තමන්ගේ ගෙදර සුළං පෙත්තක් සවිකරගන්න. රුපියල් 22ක මිලක් ගෙවනවා..නිෂ්පාදනය කරලා දෙන විදුලි බල ඒකකයක් සඳහා. අපේ රටේ සෑම ගෙමිදුලක්ම සුළං බලාගාරයක් කරන්නයි අපේ බලාපොරොත්තුව." යනුවෙන් සඳහන් කළා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න