Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හැරී කුමරුගේ පෙම්වතිය පැහැරගෙන යයි

|Fri,06 April 2018 13.03|Miscellaneous| Page Views : 19

අලුත් පුවත්
55 වැනි උදා ගම්මානය ජනතා අයිතියට
පොහොර සහනාධාරය අද මධ්‍යම රාත්‍රියේ සිට
මැයි 07 ජාතික නිවාඩු දිනයක්!
හෙරොයින් වික්ක ආපන ශාලා හිමිකරුට වැඩ වැරදුන හැටි
සෑම නිවසකටම සුළං පෙත්තක්
ආණ්ඩුව ශක්තිමත් කරන්න එක් වෙන්න
අවුරුද්දට ගමන් බිමන් යන්න විශේෂ දුම්රිය සේවා
පළමු පාසල් වාරය අද අවසන්
 
බ්‍රිතාන්‍ය හැරී කුමරාගේ පෙම්වතිය වන මේගන් මාර්කල් පැහැරගෙන යාමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඇයව මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ ආරක්ෂක පෙරහුරුවක් සඳහාය. බ්‍රිතාන්‍යය ප්‍රභූ විශේෂ බළකායේ නිලධාරීන් විසින් මෙම පැහැර ගැනීම සිදු කර තිබේ.

රාජකීය පවුලේ සාමාජිකයෙක් වීමට සූදානම් වන තැනැත්තන් සදහා මෙම විශේෂ ආරක්ෂක පෙරහුරුව ලබා දීම සිදු කෙරේ.

මේගන් මාර්කල් මෙලෙස පැහැරගෙන ගොස් දින දෙකක් තිස්සේ රඳවා ගෙන සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ත්‍රස්‌තවාදීන් විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබුවහොත් විශේෂ බළකාය විසින් බේරාගැනීම සඳහා භාවිතා කරන උපක්‍රම ගැන දැනුම ලබාදීම එහිදී සිදුව තිබේ. එම අවස්ථාවට බ්‍රිතාන්‍යයේ හැරී කුමරුද එක්ව සිට ඇත.

හිටපු හමුදා බුද්ධි නිලධාරියෙකු වන ජෙරල්ඩ් මුවර් මේ පිළිබද අදහස් දක්වමින් පවසා ඇත්තේ ඇගේ පැහැරගෙනයාමේ පෙරහුරුවෙන් ශාරීරිකව හා මානසිකවත් ඇයට දැනුවත් වීමට අත්දැකීමක් ලැබෙන බවය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න