Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මහනගර සභාවේ පාලන බලය පිහිටුවා ඇත

|Fri,06 April 2018 14.20|Political| Page Views : 21

අලුත් පුවත්
පානීය ජලය බෙදාදීමේ වැඩසටහනක්
හැරී කුමරුගේ පෙම්වතිය පැහැරගෙන යයි
55 වැනි උදා ගම්මානය ජනතා අයිතියට
පොහොර සහනාධාරය අද මධ්‍යම රාත්‍රියේ සිට
මැයි 07 ජාතික නිවාඩු දිනයක්!
හෙරොයින් වික්ක ආපන ශාලා හිමිකරුට වැඩ වැරදුන හැටි
සෑම නිවසකටම සුළං පෙත්තක්
ආණ්ඩුව ශක්තිමත් කරන්න එක් වෙන්න
 
පරිවර්තනය කලේ(ආදවන් වෙබ් අඩවිය)

දෙමළ ජාතික සන්ධානය මඩකලපුව මහනගර සභාවේ පාලන බලය පිහිටුවා ඇති අතර, එහි නගරාධිපතිවරයා ලෙස ත්‍යාගරාසා සරවනන්ව තෝරාපත් කරගෙන ඇත.

මඩකලපුව මහනගර සභාවේ නගරාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා වන ප්‍රථම සභාවාරය, නැගෙනහිර පළාතේ පළාත් පාලන කොමසාරිස් වයි.එම්.සලීම්ගේ ප්‍රධානත්වයෙන් 2018.04.05 වන දින පවත්වා ඇත.

එහිදී, දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් ත්‍යාගරාසා සරවනන්, ‘හිරු’ සළකුණින් තරග කල ද්‍රවිඩ එක්සත් විමුක්ති සන්ධානයේ නියෝජිත සෝමසුන්දරම් යන දෙදෙනාගේ නම් නගරාධිපතිධූරය සඳහා ඉදිරිපත් කර ඇත.

එම අවස්ථාවේදී, දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් ඉදිරිපත් කල ත්‍යාගරාසා සරවනන්ට ඡන්ද 25ක් ලැබී ඇති අතර, ද්‍රවිඩ එක්සත් විමුක්ති සන්ධානය වෙනුවෙන් ඉදිරිපත් කල සෝමසුන්දරම්ට ඡන්ද 11ක් ලැබී ඇත. එක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙමළ ජාතික සන්ධානයට පක්‍ෂපාතිව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි. ඒ අතරම, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු දෙදෙනෙකු මධ්‍යස්ථව කටයුතු කර ඇති බව සඳහන් කල යුතුය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න