Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලේකම් ධූරය ප්‍රතික්ෂේප කල දෙයිවේන්ද්‍රම්!

|Fri,06 April 2018 14.25|Political| Page Views : 37

අලුත් පුවත්
මහනගර සභාවේ පාලන බලය පිහිටුවා ඇත
පානීය ජලය බෙදාදීමේ වැඩසටහනක්
හැරී කුමරුගේ පෙම්වතිය පැහැරගෙන යයි
55 වැනි උදා ගම්මානය ජනතා අයිතියට
පොහොර සහනාධාරය අද මධ්‍යම රාත්‍රියේ සිට
මැයි 07 ජාතික නිවාඩු දිනයක්!
හෙරොයින් වික්ක ආපන ශාලා හිමිකරුට වැඩ වැරදුන හැටි
සෑම නිවසකටම සුළං පෙත්තක්
 
පරිවර්තනය කලේ(අයිබීසි ටැමිල් වෙබ් අඩවිය)

උතුරු පළාතේ ලේකම් ධූරය ප්‍රතික්ෂේප කල උතුරු පළාත් සභාවේ ලේකම් දෙයිවේන්ද්‍රම්, 2018.04.04 වන දින උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් වෙත ඒ බව ලිඛිතව දැනුම්දී ඇත.

උතුරු පළාත් සභාවේ ලේකම්වරයා ලෙස මේ වනවිට කටයුතු කරන දෙයිවේන්ද්‍රම්, තවදුරටත් උතුරු පළාත් සභාවේ අමාත්‍යංශ ලේකම්වරයා ලෙස කටයුතු කිරීමට කැමැත්තක් නොදක්වන බව ලිඛිතව දැනුම්දී ඇත.

එම ධූරයේ කටයුතු කිරීමට අකමැතිවීමට හේතු කිසිවක් සඳහන් කර නොමැති අවස්ථාවකදී, දෙයිවේන්ද්‍රම් විසින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් සහ උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥාණම් සහ ප්‍රධාන ලේකම්වරයා වෙත 2018.04.03 වන දින ලිඛිතව දැනුම්දී ඇත. ඒ අතරම, උතුරු පළාතේ කටයුතු කරන ලේකම්වරු මාෆියා කණ්ඩායම් මෙන් කටයුතු කරන බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් අදහස් දක්වා තිබූ බව සඳහන් කල යුතුය.

මෙවැනි පසුබිමකදී, උතුරු පළාත් ලේකම්වරුන්ට ස්ථාන මාරුවීම් ලබාදීම සම්බන්ධයෙන් පසුගිය මාස 04ක කාලයක සිට දැඩි අතෘප්තියකට පත්වී සිටින අතර, අභ්‍යන්තර ගැටළුකාරී තත්වයක් උද්ගතවී ඇත. ඒ අතරම, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ධූර කාලයේදී 04 වතාවක් ලේකම්වරු ස්ථාන මාරුකර ඇත.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් කොළඹ අමාත්‍යංශයට ස්ථාන මාරුවීමක් ලබා යාමට නියමිත අවස්ථාවකදී, තවත් ලේකම්වරයෙකු නුඳුරේදීම කොළඹට මාරුකිරීමට නියමිත බව සඳහන් කල යුතුය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න