Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මානව හිමිකම් කොමිසම පරීක්ෂණයක් අරඹයි

|Mon,09 April 2018 09.09|Security| Page Views : 20

අලුත් පුවත්
නොරොච්චෝලයේ විදුලි බලාගාරය අක්‍රිය වුනොත් විදුලි කප්පාදුවක්ද ?
ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ සාකච්ඡාවක් හෙට
අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා
වෛද්‍ය විද්‍යාල දෙමව්පිය සංගමය මාරාන්තික උපවාසක්
ඉහළ කොත්මලේ වාන් දොරටුවක් ස්වයංකි‍්‍රයව විවෘත වෙයි
දළුඔයේ දිය නෑමට ගිය 05ක් අතුරුදන්
නිධන් හෑරූ 3ක් මාට්ටු
 
මහනුවර ප්‍රදේශයේ සිදු වූ ප්‍රචන්ඩක්‍රියා පිළිබඳ එම ප්‍රදේශවල සංචාරය කොට පරික්ෂණයක් සිදු කිරිමට ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම් සභාව තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ ඉදිරි දිනවලදී මානව හිමිකම් කොමිසමේ නිලධාරින් කණ්ඩායමක් එම ප්‍රදේශවල සංචාරය කිරිමට නියමිත බවයි.

මෙම පරික්ෂණයේ මූලික අදියරක් ලෙස අදාළ සිදුවිම් වලින් හානියට පත් වූ පුද්ගලයින්ගෙන් සහ මේ පිළිබඳව උනන්දුවක් දක්වන පුද්ගලයින්ගෙන් තොරතුරු සහ සාක්ෂි ලිඛිතව ලබාගැනිමට නියමිතය.

මෙම කරුණු දැක්විමට අදාල දිනය, ස්ථානය, වේලාව, හදුනාගත් පුද්ගලයින්ගේ නම් සහ ආයතනවල නම් සදහන් කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම දැනුම් දී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

මෙහිදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඡායා රූප විඩියෝ පට සහ හඩ පට ද ඉදිරිපත් කළ හැකි වේ.

ලිඛිත කරුණු ඉදිරිපත් කරන්නේ නම් පිටු 03කට නොවැඩි වන සේ සකසා මෙම මස 21 වන දිනට ප්‍රථම ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමේ මහනුවර ප්‍රාදේශිය කාර්යාලයට ගෙනවිත් භාරදිය හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න