ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදයක්
|Mon,09 April 2018 10.58|Security| Page Views :
44
|
|
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් දිගින් දිගටම ප්‍රමාද වන බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් සොයා බලන බව ආණ්ඩුව පවසනවා. රාජ්‍ය ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ මෙම ගුවන් ගමන් ප්‍රමාදයට හේතුවූ කරුණු මොනවාදැයි අවාධනය යොමු කරන බවයි. වාර්තාවන දත්ත වලට අනුව ඉකුත් පෙබරවාරි මාසයේදී පමණක් ප්‍රමාද වී ඇති ශ්‍රී ලන්කන් ගුවන් ගමන් සංඛ්‍යාව 900ක්.
ඒ අතර 280කට වැඩි ප්‍රමාණයක් පැයකටත් වඩා සිදුවූ ප්‍රමාදයන් බවයි වාර්තා වන්නේ. ජනවාරි මාසයේද ගුවන් ගමන් 840ක් පමණ ප්‍රමාද වි ඇති බව එම වාර්තාවල සඳහන්. මෙම ප්‍රමාදවීම් අතර පැය දෙකේ සිට පැය 06ක් දක්වා වූ ගුවන් ගමන් ප්‍රමාදයන් ඇතුළත්ව තිබීමද කැපී පෙනෙන සිද්ධියක්.
|
|