Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මාලිංග නැති අඩුව බ්‍රාවෝ කියාදෙයි

|Mon,09 April 2018 13.16|Security| Page Views : 98

අලුත් පුවත්
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදයක්
නකල්ස් ගිය 7ක් අතුරුදන්
දික්කසාද නීතීය වෙනස් කිරිමේ යෝජනාවක් !
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීම අද
වවුනියාවේ සිට කොළඹ එන දුම්රිය ප්‍රමාදයක් !
යතුරුපැදි කල්ලියකින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් !
මානව හිමිකම් කොමිසම පරීක්ෂණයක් අරඹයි
නොරොච්චෝලයේ විදුලි බලාගාරය අක්‍රිය වුනොත් විදුලි කප්පාදුවක්ද ?
 
ඩෙවොන් බ්‍රාවෝගේ ප‍්‍රහාරාත්මක පිතිහරඹය හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ (2018) පළමු තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම අතර මුම්බායිහිදී ඊයේ පැවැති තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් හිමිකරගැනීමට වසර දෙකකට පසු අයි.පී.එල් තරගබිමට පැමිණි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය.

ලකුණු 166 ක ඉලක්කය හඹා යාමට පැමිණි චෙන්නායි කණ්ඩායමට දරුණුම හානිය කරමින් මුම්බායි කණ්ඩායමේ නවක දඟ පන්දු යවන ක්‍රීඩක මයාන්ක් මර්කන්ඩේ කඩුලු 3ක් ලකුණු 23ක් පමණක් ලබාදෙමින් දවා ගැනීමත් සමඟ මුම්බායි ක්‍රීඩකයන්ට ජයග්‍රහණය පිළිබඳව ස්ථිර සහතිකයක් ලැබුණි.

ලෝකයේ T20 පන්දු යවන්නන් අතර ඉහලම නමක් දිනාගෙන ඇති මුශ්තෆීර් රහමාන් ,මිචෙල් මක්ලරගන් සහ ජෂ්ප්රිට් බුම්රා සහිත පන්දු බල ඇණියක් සමඟ අවසානයට සටනට ඉතිරි වුනේ ඩෙවොන් බ්‍රාවෝ පමණක් වූ අතර චෙන්නායි 8 වන කඩුල්ල බිඳ වැටෙන විට පන්දුවාර 16.3ක් අවසන් වී තිබුන අතර ලකුණු 47ක් පන්දු 18ක් තුල ලබාගන්නට බ්‍රාවෝ සමත් වේ යැයි සිතන්නට ඇත්තේ බ්‍රාවෝ පමණක් වන්නට ඇත.

18 වැනි පන්දුවාරයේදී තම සටන දියත් කළ බ‍්‍රාවෝ ප‍්‍රබලතම පන්දු යවන්නකු ලෙස නම් දරා සිටින මිචෙල් මැක්ලරගන් හට ප‍්‍රහාරයත් දියත් කරමින් ඔහුගේ පන්දු 06න් ලකුනු 20ක් උදුරා ගැනීමට සමත්විය.

ඉන්දියානු ජාතික කණ්ඩායමේ මෙන්ම මුම්බායි පිලේ ප‍්‍රබලතම පන්දු යවන්නා වන ජස්ප‍්‍රිත් බුම්රා 19 වැනි පන්දුවාරය ක‍්‍රියාත්මක කළ අතර ඔහුටත්ට පන්න පන්නා පහරදුන් බ‍්‍රාවෝ අවසන් පන්දුවේදී දැවී ගියත් එම පන්දුවාරයටත් ලකුණු 20ක් ලබා ගැනීමට සමත්වූයේ බොහෝ කලක් මෙවැනි තරගවල මුම්බායි කණ්ඩායම දිනවූ ලසිත් මාලිංගගේ අඩුව මුම්බායි කණ්ඩායමට මතක් කරමිනි.

ලකුණු 68ක් පන්දු 30 ක් තුල හයේ පහර 7ක් සමඟ ලබාගන්න බ්‍රාවෝ 19 වන පන්දුවාරයේ අවසාන පන්දු වාරයේදී දැවී යන්නේ තරඟයේ චෙන්නායි ඉනිම තුල අභාදයට ලක්වූ කෙදාර් යාදව් නැවත පිටියට කැඳවමින්ය.

අවසාන පන්දු වාරය යැවීමට පැමිණෙන මුෂ්ටෆීර් රහමාන් පළමු පන්දු 3 තුල මුම්බායි කණ්ඩායමට නැවත බලාපොරොත්තු ලබාදෙන්නට සමත් වුනද අවසාන පන්දුවාරයේ 4 වන පන්දුවට හයේ පහරක් සහ 5 වන පන්දුවට හතරේ පහරක් එල්ල කරන යාදව් චෙන්නායි කණ්ඩායමට ජය ගෙන එන්නේ මුම්බායි ක්‍රීඩා ලෝලීනට අදහාගත නොහැකි තරඟයක අවසානයක් සටහන් කරමිනි.

පන්දු යැවීමේදී හර්දික් පාන්ඩේ සහ මර්කන්ඩ්ඩේ කඩුලු 3 බැගින් දවා ගන්නා අතර තරඟයේ වීරයා සම්මානය ඩෙවොන් බ්‍රාවෝට හිමි වන අතර ඉතා ඉහලින් ඇගයීමකට ලක්වී සිටි මුම්බායි වේගපන්දු බලකායේ කඩා වැටීම සහ මුම්බායි කණ්ඩායමේ දුර්වල අංශය ලෙස හඳුනාගෙන ඇති දඟ පන්දු අංශයේ නවකයෙකුගේ පිබිදීම මේ තරඟයේදී කැපී පෙනුනි.

කාසිය වාසිය අහිමි වීම සමඟ පළමුව පන්දුවට පහර දීමට පැමිණි මුම්බායි කණ්ඩායම තම පන්දුවාර 20 තුල ලකුණු 165/4 ලබාගත්තේ ආරම්භක පිතිකරුවන් ලෙස පැමිණි රෝහිත් ශර්මා සහ එවින් ලෙවිස් ඉක්මනින් පිටියෙන් ඉවත්වූ තත්වයකදීය.

තරඟය මුම්බායි කණ්ඩායම වෙත නැඹුරු කර ගනිමින් ඉශාන් ක්‍රිෂාන් සහ සුර්යකුමාර යාදව් දෙදෙනා ඉතා හොඳින් පිතිහරම්භයේ නිරත වූ අතර දෙදෙනාගේ දැවී යාම සමඟ පිටියට පැමිණි කර්නල් සහ හර්දික් පාන්ඩේ සහෝදරයන් දෙදෙනා තරඟයේ අවසාන කොටස ඉතා හොඳින් පන්දු යවන්නන්ට මුහුණ දුන් අතර අවසාන පන්දුවාරය ආරම්භ වන විට ලකුණු 160 ක් ලෙස තිබු මුම්බායි ඉනිම ලකුණු 165 කට සීමා කරන්නට ඩෙවොන් බ්‍රාවෝ සමත් වූ අතර පන්දු යැවීමේදී වොට්සන් කඩුලු දෙකක් ,චහාර් සහ තාහීර් කඩුල්ල බැගින් දවාගන්නට සමත් විය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න