Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අහසේ ඉන්න අය බෝට්ටුවෙන් ගිය ගමනක්

|Mon,09 April 2018 11.11|Security| Page Views : 14

අලුත් පුවත්
“හෙට වුණත් මට අයින් වෙන්න පුළුවන්, එහෙම තීරණයක් මම තවම අරගෙන නැහැ” – සේමිණී ඉද්දමල්ගොඩ
මාලිංග නැති අඩුව බ්‍රාවෝ කියාදෙයි
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදයක්
නකල්ස් ගිය 7ක් අතුරුදන්
දික්කසාද නීතීය වෙනස් කිරිමේ යෝජනාවක් !
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීම අද
වවුනියාවේ සිට කොළඹ එන දුම්රිය ප්‍රමාදයක් !
යතුරුපැදි කල්ලියකින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් !
 
තලෙයිමන්නාරම මුහුදේ බෝට්ටුවකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකු ළඟ සිටි දුර්ලභ ගණයේ පරෙවි ජෝඩුවක් නාවික හමුදාව මඟින් අත්අඩංගුවට පොලීසිය වෙත බාර දී තිබේ.

මෙම පරෙවියන් දෙදෙනා ශ්‍රී ලංකාවට ආවේණික නොවන පරෙවියන් දෙදෙනෙකු බවට පොලීසිය හඳුනා ගෙන ඇති අතර තලෙයිමන්නාරමේ රේගු නිලධාරීන්ද මේ පරෙවියන් දෙදෙනාගේ සිද්ධියට සම්බන්ධ වී ඇත.

නාවික හමුදා බෝට්ටුවක් පැමිණි අවස්ථාවේදී එම තරුණයින් දෙදෙනා සැකකටයුතු ලෙස හැසිරීම නිසා නාවික හමුදා නිලධාරීන් බෝට්ටුව පරීක්ෂා කිරීමේදී එම පරෙවියන් දෙදෙනා හමු වී තිබේ.

කෙසේ වෙතත් පරෙවියන් දෙදෙනා ළඟ තබාගෙන සිටි තරුණයින් දෙදෙනාට රුපියල් 10,000 ක දඩයක් රේගු නිලධාරීන් විසින් නියම කොට ඇති අතර පරෙවියන් දෙදෙනා වැඩි දුර පරීක්ෂණ සඳහා කොළඹට යවා තිබේ.

පරෙවියන් දෙදෙනා කුමන වර්ගයකට අයත් කුමන රටක පරෙවියන්ද යන්න නිශ්චිතව හඳුනා ගැනීම සඳහා මෙලෙස කොළඹට යවා තිබේ.

පරෙවියන් නිදහස් කල විට කොපමණ දුරක් වුවත් ඉඟිලී ගොස් ඔවුන්ගේ මුල් නවාතැනට යාම ඔවුන්ගේ සිරිත බැවින් මේ පරෙවියන් දෙදෙනා අතරමං විය හැකි බැවින් හඳුනා ගන්නා තුරු ආරක්ෂිතව තැබීමට ද පියවර ගෙන ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න