Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නීති විරෝධී දුම්වැටි තොගයක් රේගු දැලේ

|Mon,09 April 2018 11.26|Security| Page Views :

නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ විදේශ දුම්වැටි තොගයක් කටුනායක රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 10ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

එෆ් එක්ස් 547 දරණ ගුවන් යානයෙන් අද උදෑසන ඩුබායි සිට මෙරටට පැමිණි කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකුයි මෙම දුම්වැටි තොගය රැගෙන විත් තිබෙන්නේ. ඔවුන් රාගම හා හලාවත ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් දුම්වැටි තොගයේ විදේශ දුම්වැටි විසි අටදහසක් තිබූ බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් සඟවාගෙන රැගෙනවිත් තිබූ කරාබුනැටි කිලෝග්රෑම් 35 ක් ද අත්අඩංගුවට ගැණුනා. පරීක්ෂණ වලින් අනතුරුව සැකකාරුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර තිබෙනවා. සැකකාරියට නියම කළ දඩ මුදල රුපියල් පනස් දහසක්. මේ අතර අදාළ දුම්වැටි තොගය සහ කරාබු නැටි තොගය රාජසන්තක කර තිබෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න