Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අවුරුදු සමයේ පැතිරෙන රෝගයක්!

|Wed,11 April 2018 13.05|Miscellaneous| Page Views : 15

අලුත් පුවත්
බස් එක හැපිලා 16කට තුවාලයි
උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණයට
දක්ෂිණ අධිවේගයේ අතහැර දැමූ මෝටර් රථයක්
රුසියා විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් උතුරු කොරියාවේ සංචාරයකට සූදානම්
එළවළු මිල සැලකිය යුතු ලෙස පහතබසී
ඝාතන සැකකරුවෙක් පොලිස් දැලේ
උත්සව සමයේ කළ වැටලීම

 
මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාවට සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් වැළඳී තිබෙනවා. සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍ය තත්ත්වයට අමතරව, බොහෝ දෙනකුට පෙනහළු දක්වා පැතිර නොයන තවත් සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් දක්නට ලැබීම විශේෂත්වයක්.

එම රෝගී තත්ත්වයට හේතුව ඉන්ෆ්ලුවෙන්සා වෛරසයක් බවයි, ජාතික බෝවන රෝග විද්‍යායනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පෙන්වා දුන්නේ. එම තත්ත්වය පෙනහළු දක්වා පැතිර ගියහොත් නිව්මෝනියා තත්ත්වය දක්වා වර්ධනය විය හැකි බවයි පවතින මෙම තත්ත්වය සම්බන්ධයෙන් කළ වීමසීමේදී වෛද්‍යවරයා සඳහන් කළේ.

මෙම රෝගී තත්ත්වය වැළඳුණ ළදරුවන්, වයස්ගත තැනැත්තන් සම්බන්ධයෙන් විශේෂ අවදානයෙන් පසුවීම වැදගත්. සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වය දිගටම පවතින්නේ නම් ළඟම ඇති රෝහල වෙත ගොස් සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගන්නා ලෙස කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසනවා.

උත්සව සමය හේතුවෙන් මේ දිනවල මෙම රෝගී තත්ත්වය ජනතාව අතර වේගයෙන් පැතිර යන බවද සඳහන් කෙරුණා

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න