Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නොරොච්චෝලේ නවතී !

|Wed,11 April 2018 13.32|Security| Page Views :

නොරොච්චෝල තාප විදුලි බලාගාරයේ එක් විදුලි ජනන යන්ත‍්‍රයක් අද දිනයේ සිට ක‍්‍රියා විරහිත කිරීමට සිදුව තිබේ.

එහි ඇතිව තිබෙන තාක්‍ෂණික දෝෂයක් නිවැරදි කිරීම සදහා මෙසේ කටයුතු කිරීමට සිදුව ඇත.

මෙනිසා ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 300ක ධාරිතාවක් අහිමි වන අතර එම ප‍්‍රමාණය ආවරණය කිරීම ගැටළුවක් වී ඇතැයි වාර්තා වෙයි. මේ දිනවල මෙගාවොට් 2000 ඉක්මවු දෛනික විදුලි ඉල්ලුමක් පවතී.

වැසි තත්වයක් පැවතියද ජල විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශයන්හි ජල මට්ටම සැලකිය යුතු කරමින් ඉහල ගොස් නැතැයි විදුලි බල අමාත්‍යංශය සදහන් කරයි.

මේ තත්වය මත අධික මිලට පුද්ගලික බලාගාරවලින් විදුලිය මිලට ගැනීම නිසා ළගදීම විදුලි බිල වැඩිවනු ඇති බව ලංකා විදුලි සේවක සංගමය කියා සිටී.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න