දුෂ්මන්ත චමීරගේ සහභාගීත්වය අවිනිශ්චිතයි
|Wed,11 April 2018 14.55|Miscellaneous| Page Views :
26
|
|
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්රීඩක දුෂ්මන්ත චමීරගේ සහභාගීත්වය අවිනිශ්චිත වී තිබේ.
ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත වී ඇති බව වාර්තා වෙයි.
මෙවර ඉන්දීය ප්රීමියර් ලීග් ක්රිකට් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සඳහා තෝරාගැණු දුෂ්මන්ත චමීර ආබාධ තත්ත්වය හේතුවෙන් තාවකාලිකව එම කණ්ඩායමෙන් ද ඉවත්ව තිබේ.
ආබාධ තත්ත්වය හේතුවෙන් සති තුනක පමණ කාලයක් දුෂ්මන්ත චමීර විවේක ගැන්විය යුතු බව ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව පෙන්වා දෙයි.
|
|