Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවෙයි

|Sat, 14 April 2018 07:50|Security| Page Views : 58

අලුත් පුවත්
වවුනියාවේ බස් අනතුරක් - 08කට තුවාල
අති විශේෂ ගැසට් නිවේදනයක්
අද කාලගුණය වෙනස් වෙන්නේ මෙහෙමයි
වෛරී ප්‍රකාශ හා ව්‍යාජ පුවත් ප්‍රචාරණය වැළැක්වීමට නව නීති
උතුර රෙජිනෝල්ඞ් කුරේට
හෙරෝයින් අල්ලන්න ගිය පොලීසියට හම්බුණ දේ මෙන්න
මගී ප්‍රවාහනයට නව විද්‍යූත් පෙර ගෙවුම් කාඩ්පතක්
 
සිංහල දෙමළ අලුත් අවුරුද්ද අද පූර්වභාග 08.13ට උදා වේ. සුර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්රුමණය වීමත් සමග අලුත් අවුරුද්ද උදාවෙයි.

අද පූර්වභාග 01.49ට පූණ්‍ය කාලය ආරම්භ වූ අතර අපරභග 02.37 දක්වා කාලය තුල සියලු වැඩ අත්හැර ආගමික කටයුතුවල යෙදීම මැනවැයි නැකැත් සීට්ටුවේ සදහන්ය.

ආහාර පිසිමේ නැකත පූර්වභාග 10.40ට යෙදී ඇති අතර නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුර දිශාව බලා ලිප් බැද ගිනි මොලවා හකුරු මිශ්‍ර කිරිබතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනිම මැනවැයි නැකැත් සීට්ටුවේ සදහන් වේ.

වැඩ ඇල්ලීම, ගණුදෙණු කිරිම හා ආහාර අනුභය සදහා වන නැකැත පූර්වභාග 11.53 යෙදී තිබේ.

නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගණුදෙනු කොට ආහාර අනුභවය මැනවැයි නැකැත් සීට්ටුවේ සදහන් මේ අතර සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය අනින්දාට (16) යෙදී තිබේ.

16 වන සදුදා පූර්වභාග 10.16ට උතුරු දිශාව බලා හිසට දිවුල් පත්ද පයට ඉඹුල් පත්ද තබා සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී තෙල් හා දිවුල් පත් යුෂ මිශ්රන නානුද ගා ස්නානය කිරිම සුදුසු බවයි නැකැත් සීට්ටුවේ සදහන් වෙයි.

රැකි රක්ෂා සදහා පිටත්වයාමේ නැකැත 19 වන බ්‍රහස්පතින්දාට යෙදී තිබේ. පුර්වභාග 06.03ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර නැගෙනහිර දිශාව බලා රැකි රක්ෂා සඳහා පිටත්ව යාම සුදුසු බව නැකැත් සීට්ටුවේ සඳහන් වේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න