Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි

|Sat, 14 April 2018 11:18|Miscellaneous| Page Views :

අදත් දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන් බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණු, මධ්‍යම සහ ඌව පළාත්වල මිලිමීටර 100 ක පමණ තද වැසි බලාපොරොත්තු හැකි බවත් දකුණු වෙරළ බඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ඉල්ලා සිටියි.

මේ අතර අද දින (14) දහවල් 12:10ට කිළිනොච්චි, වඩ්ඩක්කච්චි සහ ඉරුඩ්ඩුමඩු යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතී.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න