Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අලුත් අවුරුද්දට ගමේ ගියපු අයට කොළඹ එන්න විශේෂ ප්‍රවාහන සේවා

|Sun, 15 April 2018 20.42|Security| Page Views :

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සදහා විශේෂ ප්‍රවාහන සේවාවක් අද සිට ක්‍රියාත්මක වෙයි.

ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආර්.ටී. චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ ලබන 25 වන දින දක්වා මෙම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක බවයි.

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිය ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාව සිය රාජකාරී සඳහා අද (15) සිට නැවත කොළඹ බලා පැමිනෙමින් සිටියි.

එලෙස පැමිණෙන ජනතාව සඳහා විශේෂ ප්‍රවාහන සේවාවක් අද සිට ක්‍රියාත්මක වන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන ආර්.ටී. චන්ද්‍රසිරි මහතා සදහන් කළේය.

මේ අතර අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම් බිම් බලා ගිය පිරිස් වෙනුවෙන් ඊයේ දිනයේ සිට විශේෂ දුම්රිය වාර කිහිපයක් ධාවනයට එක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අලුත් අවුරුදු උත්සව සමයේ ගම්බිම්වල ගොස් යලි පැමිණෙන ජනතාවගේ පහසුව සඳහා මෙම සේවාව ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව මෙම විශේෂ දුම්රිය සේවාව ලබන 17 වනදා දක්වා ක්‍රියාත්මක වේ.

අද දිනයේ කොළඹ කොටුවෙන් පස්වරු 07.20ට බණ්ඩාරවෙල දක්වා වායු සමනය කළ මැදිරියක් සහිත දුම්රියක් ධාවනයට එක් කර තිබේ.

එමෙන්ම පස්වරු 08.00ට යාපනය සිට කොළඹ කොටුව දක්වා තවත් දුම්රියක් ධාවනයට එක් කර ඇති බව සඳහන්ය


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න