Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විදේශිය රුවල් යාත්‍රාවකට නාවික හමුදාවේ සහාය

|Sun, 15 April 2018 20.54|Security| Page Views :

නාවික හමුදාවට අයත් ගැඹුරු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව මඟින් ඊයේ (අප්‍රේල් 14) ගාල්ල ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 72 කට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී විපතට පත්ව තිබූ සැන්ඩ්ටී (SANDETIE) නැමති විදේශිය රුවල් යාත්‍රාව ගොඩබිමට රැගෙන ඒමට සමත් වී තිබේ.

රුවල් යාත්‍රාවේ එන්ජිමේ හටගත් දෝෂයක් හේතුවෙන් ඔවුන් මෙසේ විපතට පත්ව ඇති අතර, මෙම අනතුර සම්බන්ධයෙන් නාවික හමුදාව තොරතුරු ලද විගස ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව විපතට පත් නාවිකයින් සහ රුවල් යාත්‍රාව මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කෙරිණි.

ඉන් අනතුරුව සයුරළ නෞකාව මඟින් එම නාවිකයින් සහ රුවල් යාත්‍රාව ආරක්ෂාකාරී ලෙස මුදවා ගැනීමට කටයුතු කරන ලද අතර, නිරුපද්‍රිත ලෙස රැගෙන එනු ලැබූ නාවිකයින් සහ රුවල් යාත්‍රාව ගාල්ල වරාය ආසන්නයේදී පෞද්ගලික නාවික ආයතනයක් වෙත භාර දීමට කටයුතු කරන තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න