Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තරුණයින් දෙදෙනෙකු කඩුවලින් කපලා

|Mon, 16 April 2018 |Security| Page Views :

යාපනය - නෙල්ලිඅඩි ප්‍රදේශයේදී තරුණයින් දෙදෙනෙකුව කඩු වලින් කපා ඔවුන්ට තුවාල සිදු කොට ඇති බව යාපනයේ නෙල්ලිඅඩි පොලීසිය පැවසීය.

මෙම තරුණයින් දෙදෙනාව කපා දමන්නට ඇත්තේ යාපනයේ ක්‍රියාත්මක ''ආවා ගෲප්'' කල්ලියේ සාමාජිකයින් පිරිසක් බවට පොලීසිය සැකකරයි.

නෙල්ලියඩි මන්දනේ ප්‍රදේශයේදී මෙම පහරදීම් සිදු කොට ඇති අතර අංක තහඩු නොමැති යතුරු පැදිකින් පැමිණි දෙදෙනෙකු විසින් තියුණු ආයුධවලින් තමන්ට පහර දී පලා ගිය බවටත් පහර දුන් පිරිස් නාදුනන බවටද පහර කෑමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයින් දෙදෙනා පොලීසියට පවසා ඇත.

පහරදීමෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ මන්දුවිල් ප්‍රදේශයේ පදිංචි කරුවන් වන ටී.සජින්සන් හා ශ්‍රීධරන් ශ්‍රී ප්‍රභූ යන අයයි.

තුවාල කරුවන් මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර පහරදුන් පරිස් ආවා කල්ලියේ බවට සැක කෙරෙන අතරම එම පිරිස් සොයා සෝදිසි මෙහෙයුමක් ආරම්භ කොට ඇති බවටද නෙල්ලියඩි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

මෙම සිද්ධියෙන් පසුව එම ප්‍රදේශයට යාපනය පොලීසියෙන්ද අමතර පොලිස් බල ඇණියක් පිටත් කොට යවා තිබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න