Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කලාඔය පිටාර ගැලීමෙන් මාර්ග අවහිරතා

|Mon, 16 April 2018 |Security| Page Views : 22

අලුත් පුවත්
කැළේ කපා ගෙවල් හදන්න යයි !
සිංහල හින්දු අලුත් අවුරුද්දේ තෙල් ගෑමේ නැකත අද
තරුණයින් දෙදෙනෙකු කඩුවලින් කපලා
ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත්
විදේශිය රුවල් යාත්‍රාවකට නාවික හමුදාවේ සහාය
අලුත් අවුරුද්දට ගමේ ගියපු අයට කොළඹ එන්න විශේෂ ප්‍රවාහන සේවා
අගමැති කඩුව අතට ගනියි
තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරලා
 
කලාඔය පිටාර ගැලීමෙන් පුත්තලම පරන එලුවන්කුලම මාර්ගයේ ගමනා ගමනය අද සවස් කාලයේ සිට සම්පූර්ණයෙන්ම නැවතී ඇති බව වනාතවිල්ලුව පොලිසිය කියයි.

දින කිහිපයක පටන් පැවති අධික වර්ෂාවත් සමග කලාඔයේ ජලමට්ටම ඉහළ ගොස් පරන එලුවන්කුලම ක්‍රොස්වේ ප්‍රදේශයේ මාර්ගය හරහා ඉදිකර ඇති සපත්තු පාලම අඩි දෙකකින් පමන යටවී ඇත.

කොළඹ-මන්නාරම, පුත්තලම - මන්නාරම, කල්පිටිය - මන්නාරම ඇතුලු මගී ප්‍රවාහන බස් රථ මෙම මාර්ගයේ ගමන් කරන අතර මෙම මාර්ගය භාවිතා කිරීමට නොහැකිවීම නිසා පුත්තලම අනුරාධපුර මාර්ගය හෝ පුත්තලම නොච්චියාගම ඔයාමඩුව තන්තිරිමලේ හරහා මන්නාරම මාර්ගය භාවිතා කිරීමට සිදුවී ඇත.

පුත්තලම ආපදා කලමනාකරණ ඒකකයෙන් විමසීමේදී ඔවුන් පවසා සිටියේ අප විසින් විමසන තෙක් තවමත් ඒ පිළිබඳ ඔවුන්ට වාර්තාවී නොමැති බවයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න