දින 44 කට පසු අනධ්‍යන සේවකයින් අද සිට යළි සේවයට
|Tue, 17 Apr 2018 08:22|Security| Page Views :
24
|
|
විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් අද සිට යළි සේවයට වාර්තා කරන බව එම වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කළේ ය.
ඒ දින 44 ක අඛණ්ඩ වෘත්තිය ක්රියාමාර්ගයකින් අනතුරුවයි.
එම කාල සීමාව තුළ ජාතික විශ්වවිද්‍යාල 15 ක සහ සියලු ම උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යන කටයුතු අඩාල විය.
විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා ප්‍රකාශ කළේ, තම සංගමයේ සියලු සේවකයින් අද සිට සුපුරුදු පරිදි සේවයට වාර්තා කරනු ඇති බවයි.
|
|