Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අධිවේගයේ වැඩිම ආදායම – කෝටි තුනක්

|Tue, 17 Apr 2018 09:10|Miscellaneous| Page Views : 19

අලුත් පුවත්
පොදුරද මඩුලු බොක්සිං ශූරයින් යලි දිවයිනට
දින 44 කට පසු අනධ්‍යන සේවකයින් අද සිට යළි සේවයට
මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ අත්අඩංගුවට
බන්ධනාගාර නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු
2න් පස්සේ ගිඟුරුම් සහිත වැසි
2018 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අද ආරම්භ වෙයි
 
අධිවේගී මාර්ගවලින් මෙතෙක් ලැබූ දිනෙක ඉහළම ආදායම වන රුපියල් කෝටි තුනක ආදායමක් ඉකුත් 11 වැනිදා උපයා ගෙන ඇතැයි අධීවේගී මාර්ග නඩත්තු හා කළමණාකරණ අධ්‍යක්ෂ එස් ඕපනායක මහතා පැවැසීය.

එදින වාහන 105,000 ක් පමණ අධිවේගී මාර්ගවලට ඇතුල් කර ඇතැයි ද එයින් වැඩි ප්‍රමාණය කොළඹින් පිටට යන වාහන බව ද ඕපනායක මහතා කීය.

14 වැනිදා සවස් භාගයේ විශාල වාහන තදබදයක් තිබූ බවත් පැය කිහිපයක් තුළ වාහන 40,000 කට වඩා අධිවේගී මාර්ගයට ඇතුල් වීම නිසා ඇතිවූ මෙම තදබදය හේතුවෙන් අනතුරු ගණනාවක් සිදුව ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය. 15 වැනිදා ද වාහන 80000 කට ආසන්න ප්‍රමාණයක් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුල් වී ඇති අතර දෙකෝටි අනූ ලක්ෂයකට ආසන්න ආදායමක් ලබා ඇති බවත් පැවසූ ඒ මහතා මේ අතරින් ද වැඩි ප්‍රමාණයක් කොළඹින් පිටවූ වාහන යැයි ද කීය.

මෙතෙක් කොළඹින් පිටට යන වාහන වැඩි ප්‍රමාණයක් තිබුණත් අද සිට කොළඹට ඇතුල්වන වාහන සංඛ්‍යාව වැඩි වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු පැවැසීය

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න