Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දෙමළ ජනතාවට හිස ඔසවා ජීවත්වීමේ වාතාවරණයක් නිර්මාණය කල යුතුය!

|Tue, 17 Apr 2018 09:45|Political| Page Views :

“පසුගිය කාලයේ කුරිරු යුද්ධය සහ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පීඩාවට පත්වූ අපගේ ජනතාවට නිදහසේ ජීවත්වීමට හැකි වාතාවරණයක් නිර්මාණය කල යුතුය” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් ප්‍රකාශ කර ඇත.

පුනරින් නෙට්පිලව් ග්‍රාමයේ විශ්වවිද්‍යාල වෙත යාමට තේරීපත්වූ සිසුන්ට මාසික දීමනාවක් ලබාදීමේ වැඩසටහනක් ජෛව විවිධත්ව පද්ධතියේ ආධාර මත පුනරීන් නෙට්පිලව් ග්‍රාමයේ ප්‍රජා ශාලාවේදී පුනරින් ප්‍රාදේශීය සභා මන්ත්‍රී වී.ජෙයකාන්දන්ගේ ප්‍රධානත්වයෙන් 2018.04.15 වන දින 1530 පැයට පවත්වා ඇත. එම වැඩසටහනට සහභාගි වී කතා කල අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“නැවත ලබාගැනීමට නොහැකි යුද්ධයේ විනාශයට සෘජුවම මුහුණදී, මේ වනවිට අප සෙමින් සෙමින් නැගිට සිටින්නෙමු. අපගේ ජනතාවගේ ජීවනෝපාය සියල්ලම විනාශ කල තත්වයක පසුගිය කාලයේ හමුදාවන්ගේ බියගැන්වීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් නිදහස්වීමට විශාල කැපකිරීමක් කර ඇත.

අපගේ ජනතාවගේ අවශ්‍යතාවය සොයාබලා ඔවුන්ට අතදී උදව් උපකාර කරමින් සිටින අපගේ ඥාතීන් වන සරණාගතව සිටින ජනතාවට ජෛව විවිධත්ව පද්ධතිය විසින් ලබාදෙන ආධාරය ඇගයීමට ලක්කරන්නෙමු. මෙම උදව් උපකාර හේතුවෙන් අපගේ ජනතාව බොහෝ දෙනෙකුට තම ජීවනෝපාය නගාසිටුවා ගැනීමට උපකාරයක් වී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න