Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පිරිසක් ගියත් ආණ්ඩුව ශක්තිමත් ..

|Thu,19 Apri 2018 10.00|Political| Page Views :

16 දෙනෙකු රජයෙන් ඉවත් වුව ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තවත් පිරිසක් රජය සමගම කටයුතු කරන බැවින් ගැටලුවක් ඇති වන්නේ නැති බව අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. මෙම 16 දෙනාගේ ඉවත්වීම සම්බන්ධයෙන් මැතිඇමතිවරුන් කිහිප දෙනෙකුම අදහස් දැක්වූවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර්,

“2020 අගොස්තු මාසේ 17 වෙනිදා තමයි මේ පාර්ලිමේන්තුවේ කාලේ ඉවර වෙන්නේ.. ඒ නිසා මේ ආණ්ඩුවේ හිටපු කකුල් මාට්ටු දාන ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ.. ඒක හොඳයි ගිය එක.. දැන් අපිට ජනාධිපතිතුමා එක්ක එකතුවෙලා ජනවාරි මාසේ 8 වෙනිදා ලබා ගත්ත වරම වෙනුවෙන් පොරොන්දු වෙච්ච දේ ඉෂ්ඨ කරන්න දැන්වත් අපිට වැඩ කරන්න පුළුවන් පිළිවෙලකට… ජනතාව මේ ආණ්ඩුව කෙරෙහි යම් කල කිරීමක් තියෙන හේතුව තමයි අර කකුල් මාට්ටුකාරයෝ මෙහෙ ඉඳලා ඩීල් දාගෙන ඒ වැඩ ටික කරන්න දුන්නැති එක…”

නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක,

” ගල් ගහන්න යනවා අගමැතිතුමාට මේක නිකන් මරියා මත්ලේනාට ගල් ගැසීම වගෙයි ..ඒ හින්දා වැරදි නොකරපු කෙනෙක් පළවෙනි ගල ගහන්න කියලයි මම කියන්නේ…”

අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල,

” ප්‍රාදේශීය සභා මැතිවරණයකින් පාර්ලිමේන්තුවේ ජනමතයයි

,ජනාධිපතිතුමාට ලැබිච්ච ජනවරමයි දිය වෙලා යන්නේ නෑනෑ..ඒක අවුරැදු 05 ක් තියනවා…ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් අපිත් එක්ක වැඩ කරන්න සූදානම් ..”

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න