Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පරණ මන්නාරම පාර තාවකාලිකව වැසෙයි

|Thu,19 Apri 2018 13.05|Special| Page Views :

අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කිරීම හේතුවෙන් එළුවන්කුලම ප්‍රදේශයට ගංවතුර තත්ත්වයක් ඇතිවීමත් සමඟ පුත්තලම මන්නාරම මාර්ගය (පරණ මන්නාරම පාර) තාවකාලික වසා දැමා ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

වාන් දොරටු දෙකක් විවෘත කිරීමෙන් එළුවන්කුලම ප්‍රදේශය හරහා මෙම ජලය ගලා බැසීම නිසා කොප්පවේ පාලමට උඩින් අඩි 2කට වැඩි ජල ප්‍රමාණයක් පවතින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් පරණ මන්නාරම මාර්ගය තවකාලිකව අවහිරවී ඇති බවත් මෙම මාර්ගය භාවිතා කරනන්ට විකල්ප මාර්ග භාවිතාකරන ලෙසත් අපදා කළමණාකරණ මධ්‍යස්ථානය ඉල්ලාසිටියි.

මෙම තත්ත්වය තඳ බල තත්ත්වයක් නොවන අතර එම මාර්ගය භාවිතා කිරීමෙන් වැලකී සිටින ලෙසත් ගැටළුවක් හෝ තොරතුරක් අවශ්‍යනම් 117 දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස එම මධ්‍යස්ථානය ඉල්ලීම් කරයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න