Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අතිශයින් බියට පත් වූ විට ඔබගේ බය අඩුකර ගැනීමට අනුගමනය කළ හැකි පියවර..!

|Thu,19 Apri 2018 15.50|Gossip| Page Views :

බොහෝ වේලාවට ජීවිතයේ එක් වරක් හෝ අප සියලු දෙනාම අධිකව භීතියට පත් වනවා. එවැනි අවස්ථාවක එම භීතිය පාලනය කොට ගෙන එම අවස්ථාවට මුහුණදීම බොහෝ වැදගත් වන්නේ එසේ නැතහොත් එය දීර්ඝකාලීනව ඔබගේ මනසට බලපෑම් ඇති කළ හැකි වීම නිසයි.

මෙවැනි අවස්ථාවක ඔබ ක්‍රියාත්මක විය යුතුය ආකාර හතරක් මෙම ලිපියේ සඳහන් වෙනවා. එමගින් අධිකව භීතියට පත් වූ අවස්ථාවක ඔබගේ භීතිය පාලනය කර ගැනීමට ඔබට අවස්ථාව සැලසේවි.

01.වස්තූන් පහක් නම් කිරීම.

මෙය බොහෝ සරල සහ පොදුවේ භාවිතා කරන ඉතා සාර්ථක උපක්‍රමයකි. ඔබ සිටින ස්ථානයේ තිබෙන වස්තූන් 5ක් හඳුනාගෙන ඒවා පිළිබඳ සිතීමට පටන් ගන්න.ඒවා සාදා ඇති ආකාරය, ඒවා සෑදීමට අවශ්‍ය වූ කාරණය, ඒවායේ ඇති ප්‍රයෝජන වැනි දේවල් සිතීමට පටන් ගන්න. එවිට ඔබගේ මනස ඒ වෙත යොමු වන අතර ඔබ භීතියට පත් වූ කාරණය තරමක් දුරට මනසින් යටපත් වී ඔබ ප්‍රකෘති තත්ත්වයට පත් වීමට පටන් ගන්නවා.මෙමගින් ඔබගේ මන්සේ ඇති භීතිය සාර්ථකව පාලනය කර ගැනීමට ඔබට පුළුවන්.

02.ඔබ පුද්ගලිකව කැමතියි දෙයක් පිළිබඳ මෙනෙහි කරන්න.

මෙය ඕනෑම දෙයක් වන්නට පුළුවන්. ඔබ වඩාත් කැමති කතන්දර පොත්ක් ,ඇඳුමක් හෝ ආභරණයක් වන්නට පුළුවන්.මනස සන්සුන් කරගෙන එවැනි දෙයක් පිළිබඳ මතක් කරන්න. ඔබ කැමතිම දෙයක් ඔබ ලග තිබෙන විට ඔබට දැනෙන හැඟීම මනසින් මෙනෙහි කරන්න.එමගින් ඔබට මන්සේ ඇති භීතිය සාර්ථකව පාලනය කර ගන්නට පුළුවන්.

03. ඔබගේ ස්වසන වාර ගණන ගණන් කරන්න.

ඔබ අධිකව භීතියට පත් වූ අවස්ථාවක ඔබට කළ හැකි සාර්ථකම පිළියම වන්නේ මෙයයි. ඔබ පළමුව සන්සුන් විය යුතුයි. ඉන්පසු ඔබ හුස්ම ගන්නා වාර ගණන, ගණනය කිරීම්ට පටන් ගන්න. පහලට ගන්නා සුසුම් වාර ගණන සහ පහලට හෙලන සුසුම් වාර ගණන ගණනය කර ඒ පිළිබඳ මනස ඒකාග්‍ර කිරීමට උත්සාහ කරන්න. මිනිත්තු කිහිපයකට පසු ඔබගේ මනසේ ඇති අධික භීතිය පහව ගොස් ප්‍රකෘති තත්ත්වයට පත්වීමට ඔබට පුළුවන්.

04. අතීතයේ ඔබට සිදුවූ වූ සිදුවීමක් ගැන සිතීමට පටන් ගන්න.

මෙය ඕනෑම අවස්ථාවක ඔබට සිදු වූ සිදුවීමක් වන්නට පුළුවන්. පාසලේදී හෝ අවන්හල්කදී එසේත් නැතිනම්බස් රථයේ දී ඔබට සිදු වූ දෙයක් වන්නට පුළුවන්. එම සිදුවීම් ආරම්භයේ සිට අවසානය දක්වා මෙනෙහි කිරීම්ට පටන් ගන්න. මෙසේ සිදු කරන විට මිනිත්තු කිහිපයක් ඇතුලත ඔබගේ මනසේ භීතිය පහව ගොස් ඔබ ප්‍රකෘති තත්ත්වයට පත්වීම ආරම්භ වෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න