Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගම්පහ සණස කාර්යාල ගණකාධිකාරිනිය අත්අඩංගුවට

|Sat,21 April 2018 10.40|Special| Page Views : 16

අලුත් පුවත්
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නිලවරණය ලබන මස 19 වන දා
පෙර ආත්මවල ඔබ ඇසුරු කල අය මේ ආත්මයේදීත් ඔබට හමුවී තිබේදැයි කියා දැනගන්නේ මෙහෙමයි
දෙවෙනි ඉනිමේ මිහිරිත් සරාගී හෙදියක් වෙයි
අවුරුදු 35ට අඩු නම් ත්‍රිරෝද එළවන්න බෑ
පාසල් වාරයට පෙර සියලු පාසල්වල ඩෙංගු මෙහෙයුමක්
කඩුගන්නාව සංවර්ධනයට නව සැලැස්මක්
ඉන්දියාවට තර්ජනය කරන ශ්‍රී ලංකාව!
විපක්‍ෂ නායකධූරයේ සිටීමෙන් ප්‍රයෝජනයක් නොමැත!
 
ගම්පහ සණස ප්‍රධාන කාර්යාලයේ ගණකාධිකාරිනියක් වශයෙන් සේවය කිරීමේ දී රුපියල් දෙකෝටි විසි නම ලක්ෂ හතළිස් එක්දහස් තුන්සිය හතළිස් නවයක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකාරියක් පෙරේදා (19) කෑගල්ල ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉහත සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන පැවැත් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර සිද්ධියට අදාළ ගණකාධිකාරිනියට ගුවන් ගමන් තහනම් නියෝගයක් ලබාගෙන ඇති අතර, අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කරන සැකකාරිය පසුගිය 18දා ඩුබායි සිට කටුනායක ගුවන් තොටු පොළෙන් මෙරටට පැමිණෙද්දී ආගමන විගමන ‍දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි දී සැකකාරිය පළාගොස් ඇත.

පසුව මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දුරකථන කුලුනු වාර්තා ඔස්සේ විමර්ශන සිදුකර සැකාරිය සිටින ප්‍රදේශය හඳුනාගෙන කෑගල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 36ක් වූ ගම්පහ ප්‍රදේශයේ පදිංචිකාරියකි. සැකකාරිය ඊයේ (20) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මේ සැකකාරිය ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයේ සිටිය දී පලා යාම සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න