Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලොව ප්‍රබලම බුද්ධි අංශයන්ට අවු 18 ක තරුණයෙක්ගන් සයිබර් ප්‍රහාරයක්

|Sat,21 April 2018 12.18|Gossip| Page Views : 16

අලුත් පුවත්
රජරට විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු 23දා සිට
කැලණි ගඟට තවත් ජීවිතයක් බිලි වෙයි
වෘත්තීය සමිති අවි අමෝරයි
KG වත්තලදී අත්අඩංගුවට
ගම්පහ සණස කාර්යාල ගණකාධිකාරිනිය අත්අඩංගුවට
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නිලවරණය ලබන මස 19 වන දා
පෙර ආත්මවල ඔබ ඇසුරු කල අය මේ ආත්මයේදීත් ඔබට හමුවී තිබේදැයි කියා දැනගන්නේ මෙහෙමයි
දෙවෙනි ඉනිමේ මිහිරිත් සරාගී හෙදියක් වෙයි
 
ලෝකයේ විශේෂ අවධානයක් ඇති හා ප්‍රබලම බුද්ධි අංශයන් වන ඇමෙරිකානු මධ්‍යම බුද්ධි ඒකකය (C I A) , ෆෙඩරල් බියුරෝ කාර්යාංශය (F B I) හා නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන්නා වූ විශාල නිලධාරීන් පිරිසකගේ පුද්ගලික E-mail හා දුරකථන අංකයන් සයිබර් ප්‍රහාරයක් එල්ල කර සොරා ගැනීමේ සිද්ධියක් වාර්තා වී තිබෙනවා.

මෙය බ්‍රිතාන්‍ය ජාතික අවු 18 ක් වයසැති කෙන් ගැම්බල් නැමැති තරුණයකු විසින් තමාගේ නිවසේ පරිගණකය උපයෝගී කරගෙන සයිබර් ප්‍රහාරය එල්ල කර තිබුණි.

සැකකාර තරුණයාව එරට අධිකරණය විසින් වසර 2ක කාලයක් සදහා තරුණ රැදවුම් මධ්‍යස්ථානයක රදවා තබන ලෙසට ඊයේ (20) නියෝග කරන ලදී.

සැකකාර තරුණයා විසින් අනාවරණය කර ගන්නා ලද තොරතුරු අතර, ඇමෙරිකානු හමුදා රහසිගත මෙහෙයුම් හා ඒවාට සම්බන්ධ වූවන්ගේ විස්තර ද තිබී ඇති අතර, ඉන් කොටසක් මෙම පුද්ගලයා විසින් ප්‍රසිද්ධ වෙබ් අඩවියක් වන විකිලීස් වෙබ් අඩවිය ඇතුළු තවත් වෙබ් අඩවි කිහිපයක් හරහා සමාජ ගත කර තිබුණි.

මෙහිදී F B I සංවිධානයේ සිටින නිලධාරීන් 20000 කගේ පමණ තොරතුරු රාශියක් හෙලි කර තිබූ බවත්, ඇමෙරිකානු ස්වදේශීය ආරක්ෂක ලේකම්වරයාගේ නිවසේ රූපවාහිණිය හරහා ඔහුගේ බිරිදට පණිවිඩයක් පවා මොහු විසින් යොමු කර ඇති.

කෙන් ගැම්බල් හට එරට අධිකරණය විසින් වරදකරු කර දඩුවම් පැනවූ අවස්ථාවේදී ඔහු හැගීම් විරහිතව නිහඩව සිට ඇති බවට විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබුණි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න