Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පේරු රාජ්‍යයේ බිලි පූජාවක සමූහ මිනීවලක් හමුවෙයි

|Sun,29 April 2018 13:37|Special| Page Views :

දරුවන් 140 දෙනෙකු ඝාතනය කර වල දමා තිබූ ස්ථානයක් පේරු රාජ්‍යයේ උතුරු මුහුදු සීමාව ආසන්නයේදී සොයා ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මීට වසර 550 කට පමණ පෙර මෙම ස්ථානයේ ළමා බිලිපූජාවක් පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වන බවයි.

මෙය එරට විශාලතම ළමා බිලි පූජාව බව පේරු ඉතිහාසඥයින් පෙන්වා දෙනවා. මරණයට පත් ළමුන් අවුරුදු 5ත් 14 ත් අතර විය හැකි බවටයි සැක පළ කෙරෙන්නේ.

මායා සහ ඉන්කා වැනි ශිෂ්ඨාචාරයන් මිනිස් බිලි පූජාවන් පවත්වා ඇති බව ඉතිහාසයේ සඳහන්. කෙසේ වෙතත් මෙවැනි විශාල දරුවන් පිරිසක් බිලි දුන් බවට ඉතිහාසයේ නිශ්චිත සාක්ෂි නොමැති බව පුරා විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

2011 වසරේ ආරම්භ කළ කැණීම්වලදී ළමුන් 40 දෙනෙකුගේ සහ 76 දෙනෙකුගේ සමුහ මිණිවලවල් ද මෙම සමූහ මිනීවල ආසන්නයෙන් ම හමුවී තිබීම විශේෂත්වයක්.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න