Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

උතුරු කොරියානු නායක කිම් ජෝන් උන්ගෙන් ප්‍රකාශයක්

|Mon,30 April 2018 13:15|Miscellaneous| Page Views :

තම රටේ පවතින නයෂ්ටික අත්හදා බැලීමේ බලාගාරයේ වැඩ සියල්ලම ලබන මැයි මාසයේදී අවසන් කරන බව උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් ප්‍රකාශ කර සිටිනවා. ඒය සාකච්ජා ඇරඹමට පෙර අමෙරිකාවට තම "විනිවිදභාවය" පෙන්වීමේ අවස්ථාව බවයි උතුරු කොරියානු නායකයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ. අමෙරිකාව මිට පෙර උතුරු කොරියාවට දැනුම් දී තිබුනේ සිය නයෂ්ටික අවි නිෂ්පාදනය අත්හැර සාකච්ජා මේසයට පැමිණෙන ලෙසයි.

ඒ අනුව සිය නයෂ්ටික අත්හදා බැලීම් සිදුකරනු ලබන බලාගාරයේ වැඩකටයුතු නිල වශයෙන් අවසන් කිරීමේදී විශේෂඥයින්ට සහ මාධ්‍යවේදීන්ටද ආරාධනා කිරීමට උතුරු කොරියානු නායකයා ආරාධනා කර සිටියා.

පසුගිය සෙනසුරාදා අමෙරිකානු ජනාධිති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ උතුරු කොරියානු නායකයා සමග සාකච්ජාවන් ඉදිරි සති 3-4 තුල පැවැත්වෙනු ඇති බවයි.

මේ අතර පසුගියදා දකුණු කොරියානු රාජ්‍ය නායකයා සමග පවතී ද්වි-පාර්ශවික සාකච්ජාවේදී උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් පවසා ඇත්තේ තමන්ට නයෂ්ටික අවි යොදා ගනිමින් අමෙරිකාවට හෝ දකුණු කොරියාවට පහර දීමට තමන්ට කිසුදු අවශ්‍යතාවයක් නොමැති බවයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න