Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කාබුල් ප්‍රහාරයේ වගකීම අයි.එස් ත්‍රස්තවාදීන් භාරගනියි

|Tue,01 May 2018 15:09|Miscellaneous| Page Views :

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර සිදුවූ බෝම්බ පිපිරීම්වල වගකීම අයි.එස්. සංවිධානය විසින් භාරගෙන තිබෙනවා.

ඊයේ උදෑසන සිදුවූ පිපිරීම් දෙකකින් ප්‍රංශ පුවත් සේවයේ ප්‍රමුඛ ඡායාරූප මාධ්‍යවේදියෙකු ඇතුළු 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

තවත් මාධ්‍යවේදීන් 7 දෙනෙකුද ප්‍රහාරයෙන් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කාබුල් නුවර ශෂ්දාරක් ප්‍රදේශයේදී යතුරුපැදිකරුවෙකු එල්ල කළ බෝම්බ ප්‍රහාරයකට පසු එහි වාර්තාකරණයට රැස්වූ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසටයි දෙවන බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

මේ අතර, දකුණුදිග ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් ප්‍රාන්තයේදී නේටෝ වාහන පෙළක් ඉලක්ක කරගෙන ඊයේ එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ඒ ආසන්නයේ පිහිටි ආගමික පාසලක ළමයින් 11 දෙනෙකුද ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න