Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රාජ්‍ය වෙසක් උත්සවයේ අවසන් දිනය අදයි

|Wed, 02 May 2018 10:21|Miscellaneous| Page Views : 10

අලුත් පුවත්
බස්නාහිරට සහ දකුණට වැසි
බස්නාහිරට සහ දකුණට වැසි
අන්තර් පළාත් එක්දින කි‍්‍රකට් තරගාවලිය අදින් ආරම්භ වේ
අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දෙවන කොටස අද
අද ජාතික ශෝක දිනයක්
කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලයි
ජාතික නීති සතිය මැයි මස 21 වනදා සිට
 
බුද්ධ වර්ෂ 2562 වන රාජ්‍ය වෙසක් උත්සවය අදින් අවසන් වන බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසනවා.

මෙවර වෙසක් සතිය අප්‍රේල් මස 26 වැනිදා සිට ආරම්භ වූ අතර එහි තේමාව වූයේ “දැමුණු සිත සුව ගෙන දේ” යන්නයි.

ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් දිවයින පුරා සැදැහැවතුන් මෙවර වෙසක් උත්සවය උත්කර්ෂවත් ලෙස සමරනු ලැබුවා.

ඓතිහාසික බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථානයේ දී රාජ්‍ය වෙසක් උත්සවය පැවැත් වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන්.

මේ අතර, සිත එෆ්.එම් නිල ගුවන් විදුලි මාධ්‍ය අනුග්‍රහයෙන් වෙසක් උත්සවයට සමගාමීව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සංවිධාන කරන බෞද්ධාලෝක වෙසක් කලාපයේ අවසන් දිනය අදයි.

බෞද්ධාලෝක වෙසක් කලාපය පසුගිය 29 වන දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විවෘත කළ අතර ඊයේ දිනයේ ද වෙසක් කලාපය නැරඹීම සඳහා විශාල පිරිසක් එක්ව සිටියා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න