Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගායන ශිල්පී ප්‍රියන්ත ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

|Wed,02 May 2018 10.44|Special| Page Views : 24

අලුත් පුවත්
රාජ්‍ය වෙසක් උත්සවයේ අවසන් දිනය අදයි
බස්නාහිරට සහ දකුණට වැසි
බස්නාහිරට සහ දකුණට වැසි
අන්තර් පළාත් එක්දින කි‍්‍රකට් තරගාවලිය අදින් ආරම්භ වේ
අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දෙවන කොටස අද
අද ජාතික ශෝක දිනයක්
කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලයි
 
ප්‍රවීණ ගායන ශිල්පී, සී. ටී ප්‍රනාන්දු මහතාගේ පුත් ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඊයේ රාත්‍රියේ කළුබෝවිල ශික්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත විය.

කලක් රෝහල්ගතව සිටි ඒ මහතා මිය යන විට 65 වන වියෙහි පසුවිණි.

සී.ටී ප්‍රනාන්දු මහතාගේ අභාවයෙන් පසු ඔහුගේ ගීත නිර්මාණ රසිකයින් අතරට ගෙන ගියේ ප්‍රියන්ත ප්‍රනාන්දු මහතායි.

දේහය පිළිබඳ අවසන් කටයුතු ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ දායකත්වයෙන් සිදු කරන බව එහි සභාපති කීර්ති පැස්කුවෙල් මහතා සඳහන් ක‍ළේය.

සිය පියාගේ ගීතවලට අමතරව ‘රැල්ලේ මුහුදු වැල්ලේ, නෙරංජලා ආදරේ කාටදෝ ආදී ජනප්‍රිය ගීය රැසක් ඔහු විසින් සිංහල ගීත ක්ෂේත්‍රයට දායාද කරනු ලැබ තිබේ.

දේහය දෙහිවල නැදිමාල 31/1 බෝධිරාජ මාවත පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ලබන පස් වැනි දා සෙනසුරාදා සවස 5.00ට ගල්කිස්ස නිසල සෙවන පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න