Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මිනුවන්ගොඩ රිය අනතුරකින් පදිකයින් 2ක් මරුට

|Wed,02 May 2018 10.52|Miscellaneous| Page Views : 10

අලුත් පුවත්
ගායන ශිල්පී ප්‍රියන්ත ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි
රාජ්‍ය වෙසක් උත්සවයේ අවසන් දිනය අදයි
බස්නාහිරට සහ දකුණට වැසි
බස්නාහිරට සහ දකුණට වැසි
අන්තර් පළාත් එක්දින කි‍්‍රකට් තරගාවලිය අදින් ආරම්භ වේ
අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දෙවන කොටස අද
අද ජාතික ශෝක දිනයක්
 
මිනුවන්ගොඩ, වේයන්ගොඩ මාර්ගයේ දෙවලපොළ ප්‍රදේශයේ ඊයේ සවස සිදුවූ අනතුරකින් පදිකයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

මිනුවන්ගොඩ දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් පදික මාරුවේ ගමන් කළ පුද්ගලයෙකුගේ ගැටී තිබෙනවා. අනතුරුව ත්‍රීරෝද රථය, ඉදිරියෙන් පැමිණි බස් රථයක ද ගැටී ඇති බවයි, පොලීසිය පවසන්නේ.

අනතුරින් ත්‍රීරෝද රථ රියදුරු හා පදිකයින් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා. ඔවුන් මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි පදිකයින් දෙදෙනා මියගොස් ඇත්තේ. මිය ගිය දෙදෙනා වයස අවුරුදු 47 හා 58 යන වයස්වල පසුවන දෙවලපොළ ප්‍රදේශයේ පදිංචිකරුවන්.

බස් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ත්‍රීරෝද රථයේ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට මාරුකර යවා තිබෙනවා. මිනුවන්ගොඩ පොලීසිය අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න