Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අවශ්‍යතාවය හඟවා ඇත

|Wed,02 May 2018 11.18|Political| Page Views : 19

අලුත් පුවත්
WhatsApp CEO Jan Koum quits over privacy disagreements with Facebook
නැවතත් අහිමි නොකරගත යුතුය
මිනුවන්ගොඩ රිය අනතුරකින් පදිකයින් 2ක් මරුට
ගායන ශිල්පී ප්‍රියන්ත ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි
රාජ්‍ය වෙසක් උත්සවයේ අවසන් දිනය අදයි
බස්නාහිරට සහ දකුණට වැසි
බස්නාහිරට සහ දකුණට වැසි
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“වව්නියාව නගර සභාවේ සිදුවූ ප්‍රජාතන්ත්‍රවාදය ඝාතනය කිරීමේ සිදුවීම, මැතිවරණයේ ක්‍රමයේ වෙනසක් ඇතිකළ යුතුය යන අවශ්‍යතාවය හඟවා ඇත” යනුවෙන් වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශිවමෝහන් ප්‍රකාශ කර ඇත.

වව්නියාව නගර සභාවේ බහුතර බලයක් දෙමළ ජාතික සන්ධානය අත්පත් කරගෙන සිටියත්,බෝනස් ආසන පමණක් ලබාගෙන සිටි ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ එහි පාලන බලය පිහිටුවීම ඔබ දකින්නේ කෙසේද? යන්න මාධ්‍යවේදියෙකු නැඟු පැනයකට පිළිතුරු ලබාදුන් අවස්ථාවේදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

“දෙමළ ජාතික සන්ධානය වව්නියාව නගර සභාවට අයත් කෙට්ඨාශ 08 ජයග්‍රහණය ලබා තිබුණි. නව මැතිවරණ ක්‍රමය යටතේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට බෝනස් ආසන පමණක් ලැබී තිබුණි. ඒ අතරම, ඊපීආර්එල්එෆ් සංවිධානය එම බොනස් ආසන වලින් ආසන 03ක් දිනාගෙන තිබුණි. ඒ අනුව, වව්නියාව නගර සභාවේ ප්‍රජාතන්ත්‍රවාදී ඝාතනයක් සිදුවී ඇත.

වංචාකාරී අන්දමින් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ වව්නියාව නගර සභාවේ පාලන බලය පිහිටුවා ඇත. දෙමළ ජාතික සන්ධානය ආසන 08ක් ජයග්‍රහණය කර තිබු අවස්ථාවේදී, තවත් පක්‍ෂයක් ආසන 07ක් දිනාගෙන තරඟ කර, ඔවුන් ජයග්‍රහණය කර තිබුණානම් එය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් බව පිළිගැනීමට හැකිය.

නමුත්, සෘජූව ජයග්‍රහණය කිරීමට නොහැකි දේශපාලන පක්‍ෂ සියල්ල ඒකාබද්ධ කර, බොනස් ආසන පමණක් තබාගෙන, වව්නියාව නගර සභාවේ පාලන බලය පිහිටුවා ඇත. එය වැරදිය. අනාගතයේදී මෙම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට එය එක් උදාහරණයක් වනු ඇතැයි යන්න අදහස් කරන්නෙමු. ඒ අතරම, වව්නියාව නගර සභාව දමිළයින් පමණක් පාලනය කළ යුතු බවට කරන ප්‍රකාශයට මා එකඟ නොවන්නෙමි. මුස්ලිම් පුද්ගලයින්ටද අවස්ථාවක් ලබාදිය යුතුය.

හැකි නම්, සිංහල නියෝජිතයින්ටත් අවස්ථාවක් ලබාදිය යුතුය. වව්නියාව නගර සභාව ජාතීන් තුනෙහිම නියෝජිතයින් නියෝජනය කරනු ඇත. වව්නියාව නගර සභාවේ කරුණේදී, තමිලරසු පක්‍ෂයේ දේශපාලඥයින් වරදක් සිදුකර ඇති බවට මා අදහස් කරන්නෙමි” යනුවෙන් එස්.ශිවමෝහන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න