Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වෛද්‍යවරුන් අක්‍රියයි ! පුංචි යෞවනියක් අකාලයේ නිහඬ වෙයි !

|Wed,02 May 2018 11.50|Miscellaneous| Page Views : 24

අලුත් පුවත්
Ex-Googler Neeraj Arora May Replace The Outgoing WhatsApp CEO
අවශ්‍යතාවය හඟවා ඇත
WhatsApp CEO Jan Koum quits over privacy disagreements with Facebook
නැවතත් අහිමි නොකරගත යුතුය
මිනුවන්ගොඩ රිය අනතුරකින් පදිකයින් 2ක් මරුට
ගායන ශිල්පී ප්‍රියන්ත ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි
රාජ්‍ය වෙසක් උත්සවයේ අවසන් දිනය අදයි
බස්නාහිරට සහ දකුණට වැසි
 
කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයට අයත් අරායාම් ප්‍රදේශයේ ජීවත් වන වින්සන් කාන්ත විද්‍යාලයේ ඉගෙනුම බලන 17 හැවිරිදි සභානන්දන් ජදුර්ශිකා නැමැති පාසල් ශිෂ්‍යාව ඩෙංගු රෝගය වැලදීම හේතුවෙන් පසුගිය 27 වන දින මඩකලපුව රජයේ රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර එහිදී ඇයව සාමාන්‍ය රෝගීන් නේවාසිකව ප්‍රතිකාර ලබන අංක 01කේ වාට්ටුව තුලට යොමු කර ඇත. ඒ අවස්ථාවේදී ඇයට එම රෝගය උත්සන්න වූ නමුත් එයට අවශ්‍ය නිසියාකාර ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් අපොහොසත් වී ඇත.

ඇයට සාමාන්‍ය රෝගීන්ට ප්‍රතිකාර කරන අන්දමට ප්‍රතිකාරය ලබා දුන් අතර ඇයගේ රෝගය උත්සන්න වීමෙන් රුධිර පරික්ෂාවට ලක්කර ඇත. එහිදී ඇයගේ පියා ඇය බැලීමට රෝහලට පැමිණි අවස්ථාවේදී ඇය සිහිසුන්ව සිටි බැවින් ඒ සම්බන්ධව හෙදියකට පැවසීමෙන් අනතුරුව හෙදිය විසින් රෝගියාගේ වෛද්‍ය වාර්තා නිරීක්ෂණය කර වෛද්‍යවරයෙකුට දන්වා ඇති අතර එහිදී එම අදාල වෛද්‍යවරයා පැමිණ රෝගියා පරික්ෂා කිරීමෙන් පසු ඇයව සනීප කිරීමට නොහැකි බව පවසා ඇත.

ඉන් අනතුරුව 29 වන දින රජයේ නිවාඩු දිනයක් බැවින් වෛද්‍යවරුන් කිසිවෙක් නොමැති වීම හේතුවෙන් රෝගය අසාධ්‍ය තත්වයට නිසි ප්‍රතිකාර ලබාදීමට නොලැබීම හේතුවෙන් ඇය 30 වන දින මියගොස් ඇත.

රෝගයට නිසියාකාරව ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් රෝගීන් මිය ගිය ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර මීට පෙරද මඩකලපුව රෝහලේ මෙවැනි සිදුවීම් බොහොමයක් සිදුවී ඇති බවට අනාවරණය විය.

රෝගීන් නිසියාකාරව ප්‍රතිකාර ලබාගැනීමේ අරමුණින් රෝහල වෙත පැමිණියද මෙවැනි අවාසනාවන්ත සිදුවීම් හේතුවෙන් වෛද්‍යවරුන් සම්බන්ධයෙන් රෝගීන් තුල ඇති විශ්වාසය කෙබදුදැයි ජනතාව තුල කුතුහලයක් පවතී.

මේ සම්බන්ධයෙන් වෛද්‍ය සභාව සහ සෞඛය දෙපාර්තමේන්තුව අදාල රෝහල්වලට රෝග සම්බන්ධ විෂයභාර වෛද්‍යවරුන් යොමු කිරීමෙන් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වලින් මහජනතාව මුදවා ගැනීමට ක්‍රියාමාර්ග ගත හැක.

තවද මාධ්‍ය වලින් මේ සම්බන්ධව ශිෂ්‍යාවට නිසි ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් මිය ගියායැයි පැවසීමෙන් සාධාරණය ඉටු කර ගත හැකිද ?

තවද මෙම සිදුවීමට වගකිය යුතු සියලුම දෙනා නීතිය ඉදිරියට පමුණුවා නිසි දඩුවම් ලබාදීමෙන් අනාගතයේදී මෙවැනි අවාසනාවන්ත ක්‍රියාවන්ගෙන් රෝගීන් මුදවා ගත හැකිය.

තවද මාධ්‍ය වලින් මේ සම්බන්ධව මෙම ශිෂ්‍යාව ප්‍රථිකාර ලබමින් සිටියදී මියගිය බව සදහන් කර ඇතත් සත්‍ය වසන් කොට ඇත. නිසි ප්‍රථිකාර නොලැබීමෙන් මියගියායැයි කිසිම මාධ්‍ය ආයතනයක් සදහන් නොකළේ මන්දැයි ගැටළු සහගතය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න