Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දකුණු කොරියාව ස්පීකර් පද්ධතිය ගලවා ඉවත් කරද්දී උතුරු කොරියාව වේලාව වෙනස් කිරීමට සැරසෙයි

|Wed,02 May 2018 11.18|Gossip| Page Views : 37

අලුත් පුවත්
ගොවි බිම් තෙත් කරන සෙංගල්ඔය ව්‍යාපාරය ඇරඹෙයි
නොමිලේ නීතිඥ සහය ලබාගැනීමට අවස්ථාවක්
අලුත් මංගල යෝජනා ක්‍රමයක් ළඟදීම
මත්තල අවට ප්‍රදේශවලට පැය 24ක් වතුර නෑ
මිලියන 200 ක් "ෆේස්බුක්" තනිකඩයින්ට සුභ ආරංචියක්
වෛද්‍යවරුන් අක්‍රියයි ! පුංචි යෞවනියක් අකාලයේ නිහඬ වෙයි !
Ex-Googler Neeraj Arora May Replace The Outgoing WhatsApp CEO
අවශ්‍යතාවය හඟවා ඇත
 
1953 වසරේ දී කොරියානු යුද්ධය නිමවීමෙන් අනතුරුව උතුරු කොරියානු නායකයා සහ දකුණු කොරියානු නායකයා පසුගියදා හමුවිය.

ලෝක ඉතිහාසයේ නව සංධිස්ථානයක් ලෙස සැළකුණු මෙම අවස්ථාවෙන් පසු නායකයන් දෙදෙනා කොරියානු අර්ධද්වීපයේ නිත්‍ය සාමය සහ න්‍යෂ්ටික නිරවිකරණය පිළිබඳව සාකච්ඡා ආරම්භ කළ බව සඳහන් විය..

ඉන් පළමු පියවර තබමින් කොරියානු දේශසීමාවේ දකුණු කොරියාව විසින් පවත්වාගෙන ගිය ප්‍රචාරක ස්පීකර් පද්ධතියද ඉවත් කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටියි.දෙපාර්ශවය අතර විවිධ නිවේදන හුවමාරු කර ගැනීම සඳහා මෙය යොදා ගනු ලැබීය.

උතුරු කොරියාවද මීට පෙර ඔවුන්ගේ මෙම ප්‍රචාරක ස්පීකර් පද්ධතිය ගලවා ඉවත් කිරීමට කටයුතු කරන බව පවසා තිබුණි.

මේ අතර, ජාතික සංහිඳියාව සහ එක්සත් බව වෙනුවෙන් ප්‍රථම ප්‍රායෝගික පියවර තබමින් මැයි 05 වැනිදා සිට දකුණු කොරියාවේ වේලාවට උතුරු කොරියානු වේලාව සකස් කරන බව උතුරු කොරියාව නිවේදනය කරයි.

දකුණු කොරියාව සමඟ ඇති කර ගත් සබඳතා තවදුරටත් සාමාන්‍ය කිරීම මෙහි අරමුණ බව උතුරු කොරියානු රාජ්‍ය පුවත් සේවය පවසයි.

උතුරු කොරියාව සිය වේලාව දකුණු කොරියානු වේලාවට වඩා විනාඩි 30ක් පසු පසට ගනු ලැබුවේ 2015 වසරේදීය.

පසුගියදා දකුණු කොරියානු ජනාධිපති මූන් ජෙ-යින් සමඟ පැවැති ඓතිහාසික සමුළුවේදී ප්යොන්ග්යැන්ග් සහ සෝල් ලෙස වේලාවන් දෙකක් සහිත ඔරලෝසු දක්නට ලැබීම වේදනාවක් වූ බව උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් පවසයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න