Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වන අලි ප්‍රහාරයෙන් තිදරු පියා රෝහලේ

|Tue,08 May 2018 13.03|Security| Page Views : 90

අලුත් පුවත්
වැවේ මාළු අල්ලන්න ගිය අයෙක් මරුට
මට්ටක්කුලියේ විශේෂ මෙහෙයුමක්
දුම්රිය වර්ජනයට පෙර බලධාරීන් සමග සාකච්චාවක්
Transparency International commends Bribery Commission for tackling corruption
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ අන්තර්ජාතික සමුළුවක් !
ජල ගාස්තු ඉහළට !
ආචාර්ය ලෙස්ටර්ගේ සම්මානය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට
බන්ධනාගාරය තුලට මත්ද්‍රව්‍ය රැගෙන ගොස් වැඩ වරදි
 
වන අලි ප්‍රහාරයකට ලක්වූ තිදරු පියෙකු ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බවට වාර්තා වේ.

ඊයේ (07) සවස කොට්ටුකච්චිය – උස්බිම් ජනපදයේදී මෙම වන අලි ප්‍රහාරය එල්ලවී ඇත.

වන අලි ප්‍රහාරයට ලක්වී ඇත්තේ කොට්ටුකච්චිය – උස්බිම් ජනපදයේ පදිංචිකරුවෙකු වන සුගත් නිශාන්ත නම් 42 හැවිරිදි පුද්ගලයෙක්ය.

තම සැමියා නිවස අසල මාර්ගයේ සිටින විට වන අලි ප්‍රහාරය එල්ලවී ඇති බව රෝහල් ගත කර සිටින අයගේ බිරිද පවසයි.

කොට්ටුකච්චිය ප්‍රදේශයට කඩා වැදී ඇති වන අලින් ප්‍රදේශයේ වගා බිම් සහ දේපල විනාශ කිරීමේ සිදුවීම් පසුගිය කාලය පුරාම අසන්නට ලැබුණි.

තම ගම්මානයට නිරන්තර කඩා වදින වන අලින් වෙනත් රක්ෂිත ප්‍රදේශයකට පලවා හරින ලෙස ගම්වාසීන් වගකිව යුතු අයගෙන් ඉල්ලා සිටියි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න