Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තැපැල් ඉතිහාසයේ පළමු වරට ආදේශීකාවන්

|Tue,08 May 2018 13.16|Security| Page Views :

තැපැල් දෙපාර්තමේන්තු ඉතිහාසයේ ප‍්‍රථම වරට ආදේශකයන් ලෙස කාන්තාවන් ද බඳවා ගැනීමට එහි පරිපාලනය තීරණය කර ඇත.

අවශ්‍ය අවස්ථාවන්හි දී සේවයේ යෙදවීමට හැකිවන සේ කාන්තා ලියාපදිංචි ආදේශිකාවන්ගෙන් සැදුම්ලත් සංචිතයක් ප‍්‍රාදේශීය තැපැල් අධිකාරි කොට්ඨාස මට්ටමින් පවත්වාගෙන යන්නැයි තැපැල් අධිකාරිවරුන්ට මේ වනවිටත් දෙපාර්තමේන්තුව චක‍්‍රලේඛයක් මඟින් දන්වා යවා ඇත.

මේ වනවිටත් දෙපාර්තමේන්තුව තුළ කාන්තා නිලධාරිනියන් බහුතරයක් සේවය කරන අතර ඔවුන් රාත‍්‍රී සේවාවන්හි නිරත වෙන අවස්ථාවල කාර්යාල කාර්ය සහයක ඇතුළු ශ්‍රේණිවල රාජකාරි සඳහා යෙදවීමට ඇත්තේ පිරිමි සේවකයින් බවත් එවැනි අවස්ථාවන් සඳහා ඇති රාජකාරි අවශ්‍යතා මත මෙසේ කාන්තාවන් ද ආදේශක තනතුර සඳහා බඳවා ගැනීමට තීරණය කළ බවත් තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය.

රාත‍්‍රී සේවාවන්හි සහ වෙනත් හදිසි අවස්ථාවල දී කාන්තා නිලධාරිනියන්ගේ ආරක්ෂාව හා පහසුව සැලසීම සඳහා සහායක සේවිකාවන් යෙදවීමේ අවශ්‍යතාවය කාන්තා ප‍්‍රඥප්තියෙහි සඳහන් වේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න