Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විගණන වාර්ථා ලැබී තිබේද?

|Tue,08 May 2018 14.50|Political| Page Views : 18

අලුත් පුවත්
ලිදුල නගර සභා ක්‍රිඩාංගණයෙදී පවත්වා ඇත
දෙවන සැසි වාරය උත්සවශ්‍රීයෙන් ඇරඹෙයි
உலக நாடுகளுடன் ஒப்பிடுகையில் இலங்கை பொலிஸார் முன்னணியில்
බස් අනතුරු දෙකක් – සිව් දෙනෙකු රෝහලේ
තැපැල් ඉතිහාසයේ පළමු වරට ආදේශීකාවන්
වන අලි ප්‍රහාරයෙන් තිදරු පියා රෝහලේ
වැවේ මාළු අල්ලන්න ගිය අයෙක් මරුට
 
පරිවර්තනය කලේ(සමකලම් වෙබ් අඩවිය)

“උතුරු පළාත් සභාවේ කොපමණ සංඛ්‍යාවක් විගණන වාර්ථා ලැබී තිබේද? තමන්ගේ රාජකාරිය නිසියාකාරයෙන් ඉටුකිරීමට නොහැකි පුද්ගලයින් දෙමළ ජනතාව ව්‍යාකූලකාරි තත්වයකට පත්කිරීමට උත්සාහ නොකල යුතුය” යනුවෙන් වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශිවමෝහන් ප්‍රකාශ කර ඇත.

බොහෝ දේශපාලන ගැටළුකාරි තත්වයක් දකුණු පළාතේ සිදුවනු ඇත. ඒ ආකාරයෙන්ම උතුරු පළාතෙත් එවැනි තත්වයක් උද්ගතවී ඇති අවස්ථාවකදී, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් නව පක්‍ෂයක් පිහිටුවා, පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයට තරග කරන බවට ප්‍රකාශ කර ඇත.

මේ පිළිබඳව ඔබගේ අදහස කුමක්ද? යන්න මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින් එස්.ශිවමෝහන් මේ බව ප්‍රකාශ කර ඇත. “විග්නේෂ්වරන් දකුණු පළාතේ පදිංචිවී සිටි පුද්ගලයෙකි. රට නිදහස ලැබූ අවස්ථාවේදී, දකුණු ප්‍රදේශයේ පදිංචිවී සිටි දෙමළ ජනතාව විසින් අප කොළඹ උගසට තැබුවෙමි. දෙමළ ජනතාවගේ අයිතියද උගසට තැබුවෙමි. බ්‍රිතාන්‍ය ජාතිකයින් ශ්‍රී ලංකා රජයට නිදහස ලබාදුන් අවස්ථාවේදී, දෙමළ ජාතිකයින්ට ස්වාධීන පාලන ක්‍රමයක් අවශ්‍යය යන්න ඉල්ලීම් කර තිබුණා නම්, එය ඇත්ත වශයෙන්ම ලැබෙණු ඇත.

එසේ නොමැති නම්, ෆෙඩරල් පාලන ක්‍රමයක් ලැබෙණු ඇත. නමුත්, මේ සියල්ල අහිමිකල දකුණු පළාතේ සිටින දෙමළ නායකයින් එම අවස්ථාවේදී අපව පරිපාලනය කල පුද්ගලයින් ලෙස සිටියහ. ඔවුන් විදේශිකයින්ගේ අතකොලුවන් ලෙසට පත්වී සිටියහ.

ඒ ආකාරයෙන්ම, නැවතත් දකුණේ ජීවත්වන සිංහල ජාතිකයින් සමග සම්බන්ධකම් පවත්වන විග්නේෂ්වරන් යනාදින් අපගේ ජනතාවගේ දෛවයේ තීන්දු තීරණ ගැනීමට නොහැකිය. එසේ විග්නේෂ්වරන් පිටත්වී නව පක්‍ෂයක් ආරම්භ කලහොත්, ඔහුගේ ප්‍රතිරූපය කඬාබිඳදමා, සැබෑ ස්වරූපය අනාවරණය කරන්නෙමු.

අසත්‍ය ලෙස ඔහුගේ කටයුතු සිදුවෙමින් පවතී. ආත්මික පුද්ගලයින් ලෙස පෙන්වා ඔහු සිදුකරන ක්‍රියාකාරකම් වැරදි සහගතය. උතුරු පළාත් සභාවේ කොපමණ සංඛ්‍යාවක් විගණන වාර්ථා ලැබී තිබේද? විගණන වාර්ථාව නිසිලෙස ක්‍රියාත්මක නොවී, තම රාජකාරිය නිසියාකාරව ඉටුකලේ නොමැත. පරිපාලනය නිසිලෙස ක්‍රියාකලේ නොමැත.

එවැනි පුද්ගලයෙකු දෙමළ ජනතාව ව්‍යාකූල කිරීමට ඉදිරිපත් නොවිය යුතුය. එය ඉටුකිරීමට නොහැකි නම් ඔහු ඉවත්විය යුතුය” යනුවෙන් එස්.ශිවමෝහන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න