Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කටුනායක ගුවන් තොටුපල ගබඩා සංකීර්ණයක ගින්නක්

|Wed,09 May 2018 08.10|Special| Page Views :

කටුනායක ගුවන් තොටුපළේ තීරු බදු රහිත බඩු ගබඩා සංකීර්ණයක ගින්නක් හටගෙන තිබෙනවා. කටුනායක ගුවන් තොටපොළ පොලිසියට ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය කටුනායක ගුවන් තොටුපල ගිනි නිවීමේ ඒකකය සහ ගුවන් හමුදා ගිනි නිවීමේ ඒකකයේද සහය ඇතිව ගින්න මැඩ පවත්වමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ.

අදාළ ගොඩනැගිල්ලේ විදුලි උපකරණ ගබඩා කර තිබූ ගබඩාවක ගින්න හටගෙන ඇති බවත් ගින්න හේතුවෙන් අධික දුමක් මේ වන විට ගොඩනැගිල්ල අවට පවතින බවත් පොලිසිය වැඩිදුරටත් පවසනවා. කෙසේ වෙතත් එය ගුවන් ගමන් සඳහා බාධාවක් නොවන බවට තොරතුරු වාර්තා වන බවයි පොලිසිය පවසන්නේ. ගින්නෙන් ජීවිත හානි වාර්තා වී නොමැති අතර කටුනායක ගුවන් තොටුපල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න