Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

උඩවලවේ වාන් දොරටු තුනක් ඇරේ

|Wed,09 May 2018 09.40|Special| Page Views : 41

අලුත් පුවත්
කටුනායක ගුවන් තොටුපල ගබඩා සංකීර්ණයක ගින්නක්
දුම්රිය වර්ජනය ගැන අවසන් තීරණය මධ්‍යහන 12න් පසු
තිසා වැවේ දිය නෑම තහනම්
විගණන වාර්ථා ලැබී තිබේද?
ලිදුල නගර සභා ක්‍රිඩාංගණයෙදී පවත්වා ඇත
දෙවන සැසි වාරය උත්සවශ්‍රීයෙන් ඇරඹෙයි
உலக நாடுகளுடன் ஒப்பிடுகையில் இலங்கை பொலிஸார் முன்னணியில்
 
දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල මාතර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර, මන්නාරම සිට පුත්තලම, කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට තද වැසි ඇති විය හැකි බවත් එම අවස්ථාවන්හිදී සුලගේ වේගය පැයට කිලෝ මීටර 70ත් 80ත් දක්වා ඉහළ යා හැකි බව සඳහන්.

මේ අතර, පවතින අධික වර්ෂාව හේතුවෙන් උඩවලව ජලාශයේ වාන් දොරටු තුනක් ඊයේ රාත්‍රියේ විවෘත කිරීමට පියවර ගත් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ පවතින අධික වර්ෂාවත් සමග හපුතලේ දඹේතැන්න වත්ත සහ හපුතලේ වත්ත ප්‍රදේශයේ පවුල් 78 කට අයත් පුද්ගලයින් 300 දෙනෙකු නාය යාමේ අවධානමකට මුහුණ පා තිබෙනවා.

නිව්ස් 24 වාර්තාකරු සඳහන් කළේ ඔවුන්ගෙන් පවුල් 22 කට අයත් පුද්ගලයින් 95 දෙනෙකු සිය නිවාසවලින් ඉවත්ව අවතැන් කඳවුරු දෙකක රඳවා සිටින බවයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න