Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බඩු එක්ක ඩුබායිවලින් ආපු කතක් රේගු බාරයට

|Wed,09 May 2018 10.16|Security| Page Views : 13

අලුත් පුවත්
හෙරොයින් සමඟ 1ක් මාට්ටු !
උඩවලවේ වාන් දොරටු තුනක් ඇරේ
කටුනායක ගුවන් තොටුපල ගබඩා සංකීර්ණයක ගින්නක්
දුම්රිය වර්ජනය ගැන අවසන් තීරණය මධ්‍යහන 12න් පසු
තිසා වැවේ දිය නෑම තහනම්
විගණන වාර්ථා ලැබී තිබේද?
ලිදුල නගර සභා ක්‍රිඩාංගණයෙදී පවත්වා ඇත
දෙවන සැසි වාරය උත්සවශ්‍රීයෙන් ඇරඹෙයි
 
රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් අද(09) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඇය මීගමුව , කොච්චිකඩේ,පෝරුතොට ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවකි.

ඇය අද අලුයම 12.15 ට පමණ ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 222 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

ඇය විසින් රැගෙන ආ ගමන් බෑගයේ මාල, වළලු ,කරාබු , මුදු , අත් පළදනා ඇතුළු ග්‍රෑම් 432 ක් බර , මෙම ස්වර්ණාභරණ තොගය සගවා ගෙන තිබී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.

මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සඳහා මෙම කාන්තාව සහ ඇය විසින් රැගෙන ආ ස්වර්ණාභරණ තොගය ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත යොමු කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පියවර ගෙන තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න