Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වට්ටක්කා මිලදී ගැනීමට රජයෙන් මුදල්

|Wed,09 May 2018 11.16|Special| Page Views : 11

අලුත් පුවත්
බඩු එක්ක ඩුබායිවලින් ආපු කතක් රේගු බාරයට
හෙරොයින් සමඟ 1ක් මාට්ටු !
උඩවලවේ වාන් දොරටු තුනක් ඇරේ
කටුනායක ගුවන් තොටුපල ගබඩා සංකීර්ණයක ගින්නක්
දුම්රිය වර්ජනය ගැන අවසන් තීරණය මධ්‍යහන 12න් පසු
තිසා වැවේ දිය නෑම තහනම්
විගණන වාර්ථා ලැබී තිබේද?
ලිදුල නගර සභා ක්‍රිඩාංගණයෙදී පවත්වා ඇත
 
ගොවීන් සතුව විකුණා ගත නොහැකිව තිබෙන වට්ටක්කා අස්වැන්න මිලදී ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයේ ඉල්ලීම පරිදි මහා භාණ්ඩාගාරය විසින් රුපියල් ලක්ෂ 50ක මුදලක් කෘෂිකර්ම අමාත්‍යංශයට ලබා දී ඇත.

මෙම මුදල් මේ වන විටත් දිස්ත්‍රික් කෘෂිකර්ම නිලධාරීන් වෙත මුදා හැර තිබේ.

අදාළ වට්ටක්කා අස්වනු මිලදී ගෙන සුදුසු පරිදි වෙළඳ පළට නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් අරඹන ලෙස අමාත්‍යංශය එම නිලධාරීන්ට උපදෙස් දී ඇත.

තම අස්වනු අළෙවි කර ගැනීමට නොහැකි වුවහොත් වට්ටක්කා ගොවීන් අකර්මන්‍ය වීමට ඉඩ ඇති නිසා මේ මොහොතේ ඔවුන් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් වන හෙයින් තමා භාණ්ඩාගාරයෙන් මෙම මුදල ඉල්ලා සිටි බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

වගා කටයුතු වලදී ගොවින් වෙළඳ පොළ සහ කාළගුණික තත්වයන් සැලකිල්ලට ගනිමින් විද්‍යාත්මක ප්‍රවේශයක් තුළ අදාළ වගාකටයුතු සඳහා යොමු කිරීමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පියවර ගතයුතු බව ඇමති ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු ප්‍රථම වරට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ(08) එහි ගිය අවස්ථාවේ දෙපාර්තමේන්තු නිලධාරීන් සමඟ පැමති සාකච්ඡාවේදී ඇමතිවරයා පැවසිය.

මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් බී. විජේරත්න සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. බී. විරසේකර යන මහත්වරුද සහභාගී වුහ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න