Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලඩියාගේ ගෝලයින් 3ක් මාට්ටු

|Wed,09 May 2018 11.42|Security| Page Views :

මීට මාස 4 කට උඩදී කොට්‌ටාවේ රූපලාවන්‍ය ශිල්පිනියකට නිවසකදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අනුබල දීම සම්බන්ධව අත්අඩංගුවට ගත් පාතාල නායක “ලඩියාගේ” ගෝලයන් තිදෙනා හෝමාගම මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇතැයි මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ පැවැසීය.

මෙම ඝාතනයට සම්බන්ධ වෙඩික්‌කරු අත්අඩංගුවට ගැනීමට ද පුළුල් පරීක්‍ෂණයක්‌ අරඹා ඇතැයිද හෙතෙම කීය.

එම ඒකකයට ලැබුණු තොරතුරකට අනුව සැකකරුවන් තිදෙනා අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවෙස්‌ තුළදී කොටු කරගෙන තිබිණි.

මොවුන් අදාළ අපරාධය සිදු කිරීමට යැමට ගමන් ගත් මෝටර් රථය හා වෑන් රථය ද එම ඒකකය භාරයට ගෙන තිබේ.

මෙම අපරාධය සිදු කළ වෙඩික්‌කරුට නවාතැන් සපයා ඇත්තේ මෙම සැකකරුවන් විසින් බව ප්‍රශ්න කිරීම්වලදී හෙළි විණැයි එම ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ පැවැසීය.

එමෙන්ම, යතුරුපැදියෙන් පැමිණි වෙඩික්‌කරුට මරණකාරියගේ නිවස පෙන්වීමට කැඳවාගෙන ගොස්‌ ඇත්තේ වෑන් රථයේ පැමිණි මෙම සැකකරුවන් තිදෙනා බව හෙළි විණැයි ද එම නිලධාරියා කීය.

තම මිතුරකු වූ බණ්‌ඩාට අතුරුගිරිය රූපලාවන්‍යාගාරය තුළ වෙඩි තබා මරා දැමීමට මෙම කාන්තාව අනුබල දීම නිසා තමන් එයට පළිගැනීමක්‌ ලෙස වෙනත් අයකු යොදවා මැයව මරා දැමූ බව සැකකරුවන් විසින් පාපොච්චාරණය කර තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

2017/11/30 වැනිදා කොට්‌ටාව, රුක්‌මලේ, බාලිකා නිවාස පාරේ නිවසක්‌ තුළදී මංජුලා සඳුනි අබේරත්න (37) නමැති දෙදරු මවක්‌ වෙඩි තබා ඝාතනය කර තිබිණි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න