Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විශේෂ අධිකරණය පිහිටුවීමේ පනත අද පාර්ලිමේන්තුවට

|Wed,09 May 2018 12.12|Special| Page Views : 17

අලුත් පුවත්
රජයෙන් ඉල්ලීමක් කර ඇත!
ලඩියාගේ ගෝලයින් 3ක් මාට්ටු
වට්ටක්කා මිලදී ගැනීමට රජයෙන් මුදල්
බඩු එක්ක ඩුබායිවලින් ආපු කතක් රේගු බාරයට
හෙරොයින් සමඟ 1ක් මාට්ටු !
උඩවලවේ වාන් දොරටු තුනක් ඇරේ
 
සංශෝධිත අධිකරණ පනත් කෙටුම්පත් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකොරළ මහත්මිය පවසයි.

එම සංශෝධිත පනත අනුව විශේෂ අධිකරණ පද්ධතියක් පිහිටුවීමට යෝජනා කර තිබෙන අතර එහිදී පළමු පියවර ලෙස එක් විශේෂ අධිකරණයක් පිහිටු වන බව ද අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (08) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

ඇය සඳහන් කළේ මෙම විශේෂ අධිකරණයේ විනිශ්චයකාරවරුන් පත් කිරීම අග්‍රවිනිශ්චයකාරවරයා විසින් සිදු කරන බවයි.

මෙම විශේෂ අධිකරණය හරහා නඩුවක් දිනපතා ඇසීමේ ක්‍රමයක් නිර්මාණය වන බවත් ඒ අනුව නඩුවලට කාලයක් ගත නොවී තීරණ ලබාදීමේ අවස්ථාව ලැබෙන බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න