Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සිරියානු රේඩාර් පද්ධතිය විනාශ කරමින් ඊශ්‍රායලයෙන් දරුණු ප්‍රහාරයක්

|Thu,10 May 2018 10.19|Special| Page Views :

සිරියානු ගුවන් ආරක්ෂක මිසයිල ස්ථානගත කර ඇති ස්ථාන, රේඩාර් මධ්‍යස්ථාන සහ ආයුධ ගබඩාවන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය අද (10) මිසයිල් ප්‍රහාරයක් එල්ල කර ඇති බව සිරියානු මාධ්‍ය විසින් වාර්තා කරනවා.

ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයන් ගෙන් ඇතැම් ඒවා බිම හෙලීමට සිරියාව සමත් වුවත් ඇතැම් මිසයිල නියමිත ඉලක්ක වලට එල්ලවී තිබෙනවා.

ඊශ්‍රායෙල් මිසයිල් ප්‍රහාරයෙන් සිරියානු රේඩාර් මධ්‍යස්ථානයක්ද විනාශවූ බවට එරට මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා.

ඊශ්‍රායාලය සඳහන් කලේ ගෝලියාන් කදුකරයේ සිට සිරියාවේ රජයේ හමුදාවන්ට සහය දක්වන ඉරාන අල්-කුඩ්ස් සටන්කාමින් ඉලක්ක කර ගනිමින් මිසයිල් ප්‍රහාර 20ක් පමණ එල්ල කල බවයි.

ඊශ්‍රායාලය මිට පෙර සිරියාවට අනතුරු අඟවා තිබුනේ සිය ගුවන් යානා වලට සිරියානු ගුවන් ආරක්ෂණ පද්ධතියෙන් මොනයම් හෝ අනතුරක් එල්ල වුවහොත් එයට ප්‍රති උත්තර දීමට තමන් පසුබට නොවන බවයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න